ඒ.ආර්. රහුමාන් සංගීතවත් කරපු මනිරත්නම්ගේ පොන්නයින් සෙල්වම් චිත්‍රපටයේ සටන් ජවනිකාවකට ගැටබෙරය ගැසූ Na



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කලාකරුවන් අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය වීම සහ අන්තර් ජාතික කලා නිර්මාණවලට සම්බන්ධ වීම යන කාරණා දෙකම අපට පසුගිය කාලයේ අසන්නට ලැබුණා. පසුගිය වසරේ අගභාගයේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂ මනිරත්නම්ගේ "පොන්නයින් සෙල්වම්" චිත්‍රපටයෙ ගීතයකට සංගීතයෙන් දායක වෙන්නආපේ සංගීත ශිල්පියෙක්ට හැකියාව ලැබුලා තිබුණා.

මේ ආරංචිය අපට කියන්නේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ සචිත් පීරිස්. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දීර්ඝ විස්තරයක් සමඟින් එය සඳහන් කරලා තිබුණේ මෙසේයි.

"අපේ දක්ශයන් කුහක නොවී අගය කරන්න ඕන.  මේ ඉන්නෙ රකිත වික්‍රමරත්න. එහෙමත් නැත්නම් Naadro කණ්ඩායමේ ප්‍රධාන වාදක. මේ ලඟදි මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු A.R. රහුමාන් සංගීතය කරපු Ponniyin Selvan: I (ps1) චිත්‍රපටයේ සටන් ජවනිකාවක් බලද්දි අපේ දේශීය ගැටබෙර සද්දයක් පසුබිම් සංගීතයේ ඇහුනා. මම මුලින්ම හිතුවෙ බෙර Sample එකක් හෝ අපේ බෙරයක් ඉන්දියාවට ගෙනිහින් ඒ සඳහා වාදනය කරා කියා. ඒත් ඊයේ මා මිත්‍ර රකිත සමග කතා කරද්දි දැනගන්නට ලැබුනේ ඔහු විසින් එහි බෙර වාදනය කර ඇති බවයි. ශකීර් හුසේන්, ශිවමනී වගේ ලෝකයම දන්නා දක්ශ වාදකයින් අතරේ අපේ ලංකාවෙ කොල්ලෙක් ඉන්න එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරාම විවිධ ජාත්‍යන්තර තලයේ විශාල වැඩසටහන්වලට ඔහු දායකවී තියෙනවා. ඒ වගේමයි මා දන්නා පමනින් ලංකාවේ ලොකුම බෙර එකතුව ඇත්තේද ඔහුටයි."