එළිමහන් සංගීත වේදිකාවේ දැවැන්තයාගෙන් රසිකයන් වෙනුවෙන් සටහනක්
"තිස් දෙවසරක් පුරාවට නොඅඩුව දුන්නු ආදරයට හිස නමා ආචාර කරමි. ඔබ අපේ වත්කමයි..." මේ සටහන අපේ ඇස ගැටුණෙ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්රනාන්දුගෙ මුහුණු පොතෙන්. නිමා වුණු අති දැවැන්ත මෙගාබ්ලාස්ට් ප්රසංගයේ අපූරු රූ එකතුවක් එක්කයි ඔහු මේ සටහන තබා තිබුණේ.
ඔවුන්ට වසර 32ක් පිරීමත් එදා දවස තවත් සුවිශේෂී එකක් කළා. පහතින් දැක්වෙන්නේ දැවැන්ත ජන ගඟක් ගැලූ ඒ රැයෙහි අපූරු රූ එකතුවයි.