එයාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. පස්සෙ කාලෙක ඇය දේශපාලන පිටියත් පිවිසුණා ඔබට මතක ඇති. ඒ කොහොම වුණත් ඇය තමන්ගේ දේශපාලන ආගමනය ගැන ජනතාවගෙන් සමාව අයැද සිටියා. ඇය කියා තිබුණේ ඇගේ එම තීරණය ඇගේ කැමැත්තකින් තොරව ගත් එකක් බවයි. ඇය ඇගේ පියා ගැන මෑතක වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබූ අතර, ඇය එහිදී සංවේදීව මෙසේ කියා තිබුණා.

"ඇත්තටම මම තාත්තා ගැන කතා කරන්න හරි ආසයි. මගේ තාත්තව මම දන් නෑ. ආශ්‍රයක් නෑ... මම අවුරුදු දෙක තුනකට කලින් කැනඩාවට ශෝ එකකට ගියා. තාත්තාගේ අක්කයි දුවයි මට කතා කළා. හැබැයි මගේ තාත්තා කතා කරන්න කැමති වුණේ නෑ. එයාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට. මට ඒක තේරුම් ගන්න පුළුවන්. මගේ පවුලට උන හානිය ඒ පවුලට කරන්න අකැමැති නිසා මම කරදර දෙන්න ආස නෑ. තාත්තා ගැන ලොකුවට කතා කරන්න දෙයක් දන් නෑ. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මගෙ ඇඟේ ඒ දමිළ තාත්තගෙයි සිංහල අම්මගෙයි ලේ දුවනවා. ඒ හැඟීම වචනවලින් කියන්න තේරෙන් නෑ. මම දෙමළ දන්නෙත් නෑ. ඒත් ජානවලින් ආපුදේ නිසා ආසයි. තාත්තා හම්බුනොත් දවසක.. මව හැදුවට ස්තුතියි කියනවා. එයාව තේරුම් ගන්න මට බැරි කමක් නෑ..."