එයාගේ ආදරයට අවුරුදු දෙකක් ද? ජනප්රිය නිළි ශලනි තාරකාගේ ගෙදරටම රතුරෝස මල් සහ කේක් එව්වේ කවුද?
හැමෝම ආදරය කරන ජනප්රිය රංගන ශිල්පිනී ශලනි තාරකා විවාහ වෙන්න යනවා කියලා කටකතාවක් පසුගිය කාලයේ සමාජ ජාලා පුරා පැතිරුණා. එහෙම දෙයක් තවම සිදුවන්නේ නැති බවයි මේ කටකතාවලට ශලනි දීලා තිබුණු පිළිතුර වුණේ. නමුත් නැවතත් එවැනි දෙයක් ළඟදීම වෙන බවට ඉඟියක් ශලනි තාරකාගෙන් අපට ලැබෙනවා. ඒ ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුම හරහා..
ශලනිට විශේෂ පුද්ගලයෙක්ගෙන් තෑග්ගක් ලැබිලා. ඒ තෑග්ග ගෙදරටම ඇවිත් තියෙන්නේ ඊයේ. ශලනිට ලැබුලා තිබුණේ රෝස මල් සහ කේක් එකක්. කේක් එකේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා.
"it's 2 years" ශලනි මේ ඡායාරූපය පළ කරලා තිබුණේ Love යැයි සඳහන් කරලා. ශලනිගේ ආදරයට දෙවසරක් ද? ශලනිගෙන් මේක අපිට ලඟදීම දැනගන්න ලැබේවි කියලා අපි හිතනවා. පහත දැක්වෙන්නේ ඇය පල කළ ඡායාරූපය.