එන්න හිනා වේවි අපි නෙළුම් කුළුණ බලමු
වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ නෙළුම් කුළුන චිත්‍රපටය වර්තමානය වනවිට බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගත් හාස්‍යමය චිත්‍රපටයක් බවට පත්ව ඇත. දමිල සිනමා අධ්යක්ෂවරයෙක් වු ඉලංගෝ රාම් විසින් කුළුඳුලේ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ හිරණ්‍යා පෙරේරාය. කෙටි චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කොට ඇති ඇයගේ පළමු දිගු චිත්‍රපටය මෙය විම විශේෂත්වයකි.
තම පියා මිය ගිය පුවත ඇසු ඔහුගේ සිය දරුවන් ශෝක වන්නට නිවසට පැමිණියද ඔවුන්ගේ දුක ක්ෂණිකය වෙනස් වන්නට වූයේ සිය මිය ගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රියව පවතින බව නටහා ගැනීමත් සමගය. ඒ තවමත් ප්‍රාණවත් ව නැගී සිටින සිය පියාගේ පුරුෂ ලිංගයය. පියාගේ වියෝව නිසාවෙන් ශෝකාකූල දිනයක් වීමට නියමිතව තිබු මේ දිනවල මෙම අසාමන්‍ය සිදුවීම හරහා සියල්ල කණපිට පෙරළෙයි. අවමංගල්‍යයේ වැඩ ආරම්භ වීමට පෙර මෙම මිය ගිය පියාගේ පුතුන් කාටත් හොර රහසේ සිය පියාගේ ප්‍රාණවත් පුර්ධ ලිංගය පහළ දැමීමට උත්සාහයක නිරත වෙයි. එහෙත්, සියල්ල නිශ්ඵල වන අතර, නැදෑයින්, අසල්වැසියන් ඉදිරියේ පවුලේ අය මේ හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. නෙළුම් කුලණ චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ ඒ ලෙසිනි.
ජනප්‍රිය නිළි කෞශල්‍යා ප්‍රනාන්ඳු සමගින්, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙයි. රංජිත් පනාගොඩ, චමිලා පිරිස්, චාන්දනි සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, ආලෝකා ගයාත්‍රි, සුලෝචනා වීරසිංහ ඇතුළු තවත් නළුනිළියන් පිරිසක් මෙහි සෙසු චරිත සඳහා දායකව ඇත. චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ විසින්ම මෙහි තිර රචනාවද සිදුකර ඇති අතර, කැමරාකරණයද සිදුව ඇත්තේ ඔහු අතින් විම විශේෂත්වයකි. සංස්කරණය ආදන් සිවන්න්තර් ගෙනි. සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න හා ප්‍රසන්න නිරෝෂාන් දෙදෙනාගෙනි. සංගීතය ලියෝන් බොබ් ජේම්ස් විසින් සිදුකොට ඇත.
ලාංකිය සිනමා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා චිත්‍රපටයක් ලෝකයේ රටවල් රැසක ප්‍රති නිර්මාණය වීමද සිදුවන්නේ නෙළුම් කුලන හරහාය. මෙය දැනටමත් දකුණු ඉන්දීයානු ප්‍රති නිර්මාණයක් ලෙස නිකුත් කර ඇති අතර, හින්දි ප්‍රති නිර්මාණයේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ වී ඇත. එමෙන්ම ඉතාලි, ස්පාඤ්ඤය, ප්‍රංශ හා බෙල්ජියම් සිනමා කර්මාන්ත තුළද මේ වනවිට මෙය ප්‍රති නිර්මාණ කරන්නට සැළසුම් කරමින් සිටියි. ඒ අතර නෙළුම් කුළුන චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළයන් රැසකදීම ඇගයිමට ලක්වතිබෙන අතර, එස්තෝනියා හි පැවති බ්ලැක් නයිට් සිනමා සම්මාන උළලේදි විශේෂ ජූරි සම්මානයක්ද හිමි කර ගැනීමට සමත්ව ඇත. එමෙන්ම දෙරණ චිත්‍රපට සම්මාන උළලේදී හෙට දවසේ එළිදකින හොඳම චිත්‍රපටය ලෙස නෙළුම් කුළුන සම්මානයට පාත්‍ර විය.