එක පාරටම වතුර ආපු පාරට මගේ දිය රෙද්ද කැඩිලා වතුරේ ගහගෙන ගියා
තරු පෙනුණු නෑම
මං හිතන්නේ මට වෙච්ච මේ කතාව කාලා ලෝකේ කිසිම නිළියකට සිද්ධ වෙලා නැතුව ඇති මට. මීට කාලෙකට කලින් තඹුත්තේගම ප්‍රදේශයේ රූපගත කරන ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒ නාට්‍යයේ එක් දර්ශනයක් තිබුණා මම යෝධ ඇළේ බැහැලා නාන. අධ්යක්ෂවරයා මේ ගැන පැහැදිලි කළාම මමත් කිසිම බයක් සැකක් නැතුව අභියෝගය බාර ගත්තේ දිය රෙද්ද ඇඳගෙන ඇළේ දොළේ නාන එක මට අමුතු දෙයක් නොවන නිසා. මං බොහෝ අවස්ථාවල මීට පෙර දිය රෙද්ද ඇඳගෙන නාපු අවස්ථා මගේ ජීවිතේ තියෙනවා. ඒ නිසා මේකත් මට ඒ තරම් බරපතළව හිතුනේ නැහැ.
ඔන්න දැන් අදාළ දවසේ මගේ රූපගත කිරීම ආරම්භ වුණා. මමත් චණ්ඩියා වගේ කලා අධ්යක්ෂවරයා දීපු දිය රෙද්දත් ඇඳගෙන වතුරට බැස්සා. මට මතක වතුරට බැස්සා විතරයි. මාව ගහගෙන යන්න තරම් සැරට වතුර එනවා. මට තරු පෙනුණා.
එක පාරටම වතුර ආපු පාරට මගේ දිය රෙද්ද කැඩිලා වතුරේ ගහගෙන ගියා. වටේටම දැන් හැමෝම බලාගෙන ඉන්න නිසා මම එහෙමම වතුර යටට ගියා. නාට්‍ය කණ්ඩායමේ හැමෝම කලබල වෙලා මට ඉක්මනට ටවල් එකක් දුන්නා ඇඳගන්න. හොඳම කතාව එන්නේ ඊට පස්සේ. මම දිය රෙද්ද විදියට ඇඳපු රෙද්ද නාට්‍යයට ඉස්සරහට ඕන වෙන එකක්. පස්සේ සහය කලා අධ්යක්ෂවරයෙක් ඇළ පල්ලෙහාට පීනගෙන ගිහිල්ලා තමයි දිය රෙද්ද ආපසු හොයාගෙන ආවේ.
සේනක විජේසිංහට රිදෙන්න පාරක්
වසුදා කියන්නේ මම රංගනයෙන් දායක වෙච්ච පළමු ටෙලි නාට්‍ය. මම එහි රඟපෑවේ වසුදාගේ දුව විදියට. මගේ පෙම්වතා විදියට සේනක විජේසිංහ රඟපෑවා.
එහි එක දර්ශනයක් තියෙනවා සේනකයි තව යාලුවෝ කීප දෙනෙකුයි මඟදී හම්බ වෙලා අපි අතර ගැටුමක් ඇතිවෙනවා. අපි පෙම්වතුන් බවට පත්වෙන්නේ ඊට පස්සේ. ඔන්න දැන් පාරේදී හමුවෙලා ගහගන්න සීන් එක කරන අවස්ථාව උදා වුණා. අධ්යක්ෂවරයා ඇක්ෂන් කිවුවාට පස්සේ අදාළ ජවනිකාවට අනුව මම දැන් තනියම අර කොල්ලන්ට ගහනවා.
සැබෑ ජීවිතේදී සේනක විජේසිංහ කියන්නේ සටන් නළුවෙක්. මට ඉතින් ඒවා අදාළ නැහැ. මම ඇත්තටම අතපය දිග ඇරලා හොඳට පහර දුන්නා. රඟපාන්න ආපු මුල් කාලේ නිසා නාට්‍යයකදී බොරුවට ගහගන්න ඕන විදිය මම දැනගෙන හිටියේ නැහැ. මම ඇත්තටම ගැහුවා. සීන් ඉවර වුණාට පස්සේ සේනක අයියා මගේ ළඟට ඇවිත්,
නංගී ඇත්තටම මාෂල් ආර්ට් කරල තියෙනවාද? කියලා ඇහුවා මම ඇහුවා ඇයි කියලා.
නැහැ ඔයාගේ පාරවල් මට ඇත්තටම වැදුනා. ඔයා හොඳට ප්‍රතිප්‍රහාර දෙනවා කියලා මට කිවුවා. පස්සේ දවසක ආයේ සේනක අයියා මට හම්බවෙලා කිවුවා නංගි මං එදා ගෙදර ගිහින් ඇඟපත තවා ගත්තා කියලා. ඔන්න ඔහොමයි අපි සටන් නළුවන්ටත් බැට දුන්නේ.
රෑ දොළහට මේකප් කරන්න ගිහින්.
මේක සිද්ධ වුණේ සිනාසෙන්න මට කියන ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සිදු කරන කාලේ.
එක දවසක් හැන්දෑවේ හයට විතර මගේ රූපගත කිරීම් ඉවර වුණා. මම ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන රෑටත් නොකා මහන්සියටම නිදා ගන්න ගියා. එක පාරටම මම ගැස්සිලා ඇහැ ඇරෙද්දී මට ඇහෙනවා කට්ටිය නැගිටලා වැඩවලට සූදානම් වෙනවා කියලා. ජනේලයෙන් බලද්දි මට පේනවා මේකප් ශිල්පියා කාගේ හරි මේකප් එක දානවා. මං කල්පනා කළා ටී බෝයි වෙනදාට කිරි එකක් ගෙනල්ලා අවදි කරනවා අද තාම නැත්තේ මොකද කියලා. මම කෝකටත් කියලා ඇඳෙන් බැහැලා නා කියාගෙන ගිහිල්ලා මේකප් කරන තැන වාඩි වුණා.
මට හිතෙන්නේ මම දැන් පරක්කු වෙලා කියලා. මම ගිහිල්ලා වාඩි වුණා විතරයි. මේකප් මල්ලි මං දිහා අමුතු විදියට බැලුවා. මං ඇහුවා ඇයි කියලා. බලනකොට මං මේ රෑ මැදියමේ ගිහින් තමයි ආයේ මේකප් එකට ඉඳගෙන තියෙන්නේ. බලනකොට කලින් දවසේ ෂූටිං ඉවර වෙලා තියෙන්නේ එෙවලේ. පසුවෙනිදා ඉතින් මට කනේ ඇබ ගහගෙන තමයි ඉන්න වුණේ. හැමෝම මගේ ළඟින් යද්දී අහන්නේ මේකප් එකක් දාමුද කියලා.
රා කට්ටක් බිලා දවසම වැසිකිළියේ.
මොනරාගල ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රූපගත කිරීමක් තිබුණා. එක දවසක් මටයි රුවන් පෙරේරටයි ඩේ ඕෆ් එකක් වැටුණු නිසා අපි දෙන්නා දර්ශන තලයට නොගිහින් හෝටලයේම නතර වුණා.
ටික වෙලාවක් යද්දි රුවන් පෙරේරා හෝටලයේ අයියාගෙන් ඇහුවා මෙහේ කිතුල් රා එහෙම නැද්ද කියලා. කියන පරක්කුවෙන් ඔහු අපිට කිතුල් රා බෝතලයක්ම ගෙනත් දුන්නා. මම මීට කලින් බියර් එකක් තියා වයින් පොඩ්ඩක්වත් බීපු කෙනෙක් නෙවෙයි.
කොහොම හරි මම රා නොබී ඉන්න කොට මේවා බීවුවාම ගෑස්ට්රයිටීස්වලට හොඳයි කියලා මට ලොකු වීදුරුවක් පුරවලා දුන්නා. මමත් ඉතින් දෙපාරක් නොහිතා ගුඩු ගුඩු ගාලා බීගෙන බීගෙන ගියා. පස්සේ තමයි මරුම වැඩේ සිද්ධ වුණේ. ටෙලිනාට්‍ය කණ්ඩායම රෑ හෝටලයට නැවත එනකන්ම මට ලූස් මෝෂන් හැදිලා වැසිකිළියේ ගත කරන්න සිද්ධ වුණා.
අමිල චින්තක ගමගේ