උයන්න ගිහින් අමාරු වැටුණ අවස්ථා නම් ගොඩක් තියෙනවා
රුක්ෂානා දිසානායක කියන්නේ අපි වර්තමානයේ ගොඩක්ම ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක්. මේ දිනවලද ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකින්නට ලැබෙන රූක්ෂානාට අපි වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. කටට රසට උයන්න දක්ෂ රුක්ෂානා ඒ ප්‍රශ්නවලට දුන්නේ මෙන්න මේ වගේ උත්තර ටිකක්..
රුක්ෂානට උයන්න පිහන්න එහෙම පුළුවන්ද?
උයන්න නම් පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ තියෙන වැඩත් එක්ක උයන්න වෙලාවක් මට නැති එක. හැබැයි ඔය විවේකයක් එහෙම ලැබුණාම ඉතින් ගෙදර හැමෝටමත් එක්ක උයනවා. කොවිඩ් වසංගත කාලේ ගෙදරටම වෙලානේ හිටියේ මාස ගණනාවක්ම. එතකොට නම් ගෙදර උයන පිහින ගොඩක් වැඩ සිද්ධ වුණේ මගේ අතින්.
රසට උයන්න පුළුවන් රුක්ෂානාට මොන වගේ කැමද?
ප්‍රයිඩ් රයිස් තමා. ගොඩක් වෙලාවට මම ගෙදර ඉන්නවා නම් හදන්නේම ඔය කැම ජාතිය තමයි. හැබැයි කඩේ තියෙන ඒවාට වඩා වෙනස් ජාතිකයේ ප්‍රයිඩ් රයිස්. පැණි රස කැම මම කොහොමත් කනවා අඩුයි. ඒ නිසා ඒ වගේ කැම ගෙදර හැදෙන්නේ ගොඩක් අඩුවෙන්.
උයන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා එහෙම නැද්ද රුක්ෂානාට?
එහෙම අවස්ථා නම් ඉතින් ඕනා තරම් තියෙනවා. කාලයකට කලින් මම වටලප්පන් ටිකක් හදන්න ගිහින් එකේ පදම හරියට ආවේ නැහැ. වෙන මොකක්ද එකක් වගේ ආවේ. හැබැයි ඊළඟ වතාවේ මම ආයෙත් වටලප්පන් හදන කොට ඒක හොඳට රසට ආවා. ඒ වගේ කැම හදන්න ගිහින් අමාරුවේ වැටුණ අවස්ථා තියෙනවා.
මෑතකදි කාපු හොඳම කැම වේල මතකද?
අපේ අම්මා හදන හැම කෑම වේල තමයි මට ඉතින් ගොඩක්ම රස. මම පිටින් කැම කනවා අඩුයි. ගෙදරින් පිට යනවා නම් ඒත්, ගෙදර හදන කැම එකක් තමා අරගෙන යන්නේ. ඒ වගේම තමයි ගෙදර කට්ටියත් එක්ක එකට වාඩිවෙලා කනකොට මොන කැම වේලත් ඉතින් මට නම් රහයි.
රුක්ෂානා අලුත් කැම වර්ග අත්හදා බලන්නේ නැද්ද?
අලුත් කැම වර්ග අත්හදා බලනවා. යූ ටියුබ් එකේ දැන් නිතරම වගේ අලුත් කැම වර්ග හදනවා දානවා නේ. මාත් විවේකයක් ලැබුණොත් ඒ කැම වර්ග අත්හදා බලනවා. සමහර කැම පළවෙනි පාරෙන්ම හොඳට එනවා. ගොඩක් ඉතින් දෙවැනි පාර තමයි හොඳට එන්නේ.
කෑම පාලනය එහෙම කොහොමද රුක්ෂානාගේ?
කැම පාලනය නම් ගොඩක් අඩුයි. මම හිතලා නම් කරන්නේ නැහැ කැම අඩු කරන එක. ගොඩක් වෙලාවට මේ තියෙන වැඩත් එක්ක ලොකු අවදානයක් ඒ වැඩේට දෙන්න අමාරුයි. ගෙදර ඉන්න කොට නම් ගෙදර වැඩ ඔක්කොම කරන්නේ මගේ අතින්. එහෙම වෙන කොට නම් ඇඟ ටිකක් මම වෙහෙසනවා. ඒ ඇරෙන්නේ ලොකු දෙයක් මම කරන්නේ නැහැ.
රුක්ෂානා කැම හදපු දවසට ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද?
මගේ මල්ලිගෙන් තමයි වැඩිපුරම ලැබෙන්නේ. මල්ලි ගොඩක් කැමතියි මම කැම හදනවාට. මොකද මගේ කැමැත්තම තමයි එයාටත් තියෙන්නේ. ටිකක් සැරට කැම ඕනා එයාටත්. අම්මාත් එහෙමයි. වෙලාවකට අම්මා කියනවා එයා උයන කැමවලටත් වඩා මගේ කැම රහසයි කියලා.
බුද්ධික සේනාධීර