උඹ දෙමළෙක්ද? නැහැ, එහෙනම් සිංහලයෙක්ද? නැහැ, ක්‍රිකටර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔව් මුරලි ඔයා ක්‍රිකටර්.. මම මාර ආසයි මුරලි ඔයා පන්දුව යවද්දි ඒ ලොකු අමුතු ඇස්වලින් හෙලන අයස්කාන්ත මනස්කාන්ත පුදුමාකාර පිරිමි බැල්මට.. අහන්න.. මම මෙහෙම කියන්නද... ඒ බැල්ම නිර්වචනය කරන්නේ කොටියෙක් ගොදුරක් ඩැහැගනිද්දි ගොදුරට හෙලන බැල්මක් විදිහට... ඒ කොටි ඇස් හෙලන බැල්මේ ගොදුර තමා විකට්ටුව...

උඹ දෙමළෙක්ද?
නැහැ
එහෙනම් සිංහලයෙක්ද?
ක්‍රිකටර්...

ඔව් මුරලි ඔයා ක්‍රිකටර්.. ක්‍රිකටර්... ක්‍රිකටර් ක්‍රිකටර්... ආය කවුරුත්ම නොවෙයි ක්‍රිකටර්... ගොදුරකට ඉව කරන කොටි ඇහැක් තියෙන එකම ක්‍රිකටර්... ඒ ඇස් බැල්මෙන් රටක් ලෝකයක් වශී කළ මම දන්න එකම ක්‍රිකටර්... එදා මෙදා තුර මගේ ආසම ක්‍රිකටර්... මට මතකයි මුරලි අෙප් කැප්ටන් කූල් දවසක් කිව්වා මුරලි ෙබා්ල් කරන්ෙන් හැම ෙබා්ෙලකටම විකට් එකක් ගන්න පුළුවන් කියලා හිතලලු. එයා විතරක් නෙවෙයි ඔයත් කිව්වා ඔයා හිතන්නෙත් හැම බෝලයක් ගානෙම විකට් එකක් ෂුවර් වගේ එකක් කියලා. ඒක මාරයි මුරලි.

මුත්තයියා මුරලිදරන්...
දුස්රාවේ අයිතිකාරයා..
දකුණතින් පිටදඟ පන්දු යවන්නා...

කිසිවෙකුට ළඟා විය නොහැකි වේ යැයි අප විශ්වාස කරන කඩුලු 800 ලෝක ක්‍රිකට් වාර්තාවේ අයිතිකාරයා...

අහන්න මුරලි.. ඒ කඩුලු 800 වාර්තාව දමිළ තෙළිඟු සිංහල ඉංග්‍රීසි බසින් ලොව හැම අත යතැයි සිතෙන සිනමා වියමනකට ප්‍රස්තුතයක් වෙච්චි...

වාව්.. ආව්... ආහ්.. මාරයි... එහෙමයි ඒ ගැන අහද්දි මට අපිට ඔක්කොටම කියවුණේ. අහන්න මුරලි.. අකුරු පැදුර දිග ඇරගෙන දිග ඇරගෙන යන නිනව්වේ ඔයා ගැන කියන්න මට මගේම මතකයක් තියෙනවා...

මුරලි ඔයා ඉස්කෝලේ ගියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විදුහලට.. අපේ 'boys school' එක. දවසක් නුවර ඈයෝ මුරලිව පිටුපස විවෘත වාහනයකින් නුවර නගරය පුරාම රුගෙන ගියේ ඒ නුවර ආදරය මුරලිට පෙන්වන්න. මගේ මතකය නිවැරදි නම් එදාම මුරලිව අපේ 'කොන්වන්ට්' එකේ 'band' එකෙන් අපි එක්ක ආවා... මම එදා දුවලා ගිහින් මුරලිගේ අත ඇල්ලුවා.. මුරලි ළෙන්ගතු විදිහට හිනා වුණා.. ඒ කාලේ නුවර අපි මුරලිට අපේ ආදරයේ ආශිර්වාදයේ මල් වැහි නුවර අහස යටදි ඉස්සේ අන්න එහෙමයි. එදා මුරලිගේ අතින් පොඩි කෙල්ලක් විදිහට දුවලා ගිහින් අත අල්ලද්දි ඒ අල්ලපු අතින්ම ලොවක් කතා කළ පන්දු යැවූ ඒ ක්‍රිකටර් ගැන මෙහෙම ලියන්න ලැබේවි කියලා ඇත්තමයි එදා හිතුවේ නෑ මුරලි...

ආහ්.. අද මම ඔයාගේ 800 ගැන ලියනවා..
ෂා... ඒක මට මාර 'interesting' 

කඩුලු 800 දවාලීමේ අන්තිම තත්ත්පරය තෙක් මුරලි ආ ගමන් මගේ මතක මං දිගේ ඇවිදිද්දි අර්ජුන රණතුංග අපේ captain cool කියන්නේ මාර චරිතයක්... Captain cool මුරලිව අඳුරගන්නේ මුරලි ඉස්කෝලේ ක්‍රිකටර් කාලේ... අති දක්ෂයකුගේ සුහුඹුල් දස්කම් විචක්ෂණශීලී ඇසෙන් දකින 'කැප්ටන් කූල්' මුරලිව අරගෙන ආව ගමනේදී මුහුණ දුන්න සුවිසල්ම අභියෝගය වුණේ මුරලි පන්දුව දමා ගසන බවට ඔස්ට්‍රේලියාවෙන් නැගුණ චෝදනාව හමුවේ වැරුද්දක් නොකළ මුරලිව වැරදිකාරයෙක් නොකර බේරාගත්ත එක. 

''මුරලිට ආව ප්‍රශ්නය ළඟදි සමහර වෙලාවට මුරලි මගේ ළඟට ඇවිත් පුංචි ළමයෙක් වගේ ඇඬුවා. අයියා මට ගෙදර යන්න ඕනෑ කීවා. මම කීවා ඒවා අපි බලාගන්නම් ඔයාට තියෙන්නේ සෙල්ලම් කරන්න. මම කියන්නම් ඔයාට කොයි විදිහටද කරන්න ඕනෑ මොන විදිහටද පන්දුව දාන්න ඕනෑ කියලා. ටික දවසක් නිශ්ශබ්දව ඉඳලා ආය ඇවිත් කියනවා අයියට ප්‍රශ්න ඒවි මං හින්දා. මම යන්නම් ගෙදර කියලා. ආපහු මම හොඳින් කතා කරනවා. මගේ 'සිස්ටම්' එකක් තියෙනවා හොඳින් කියලා හරියන්නෙ නැත්නම් වෙන විදිහකට ඒක කියනවා.'' ‍ඒ කැප්ටන් කූල්ගේ වචනය.

ඒ සා ස්නේහයකින් මුරලි රැක බලාගත් ආදරවේදයේ මහිමය කියන්නට අනේ දන්නෙ නෑ මම වචන. මුරලි ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාමය පරිච්ඡේදයක් ලියනු වස් දැන හෝ නොදැන ගමනක් ගිහින් ඒ ආදරයත් එක්ක. බිංදුවෙන් පටන්ගෙන 800 ගන්න වෙලාවේ ඔයාගේ ඇස්දෙකේ දිලිසිච්ච දිලිහිල්ල මට මේදැන් මැවී මැවී පේනවා. ඔයා 800 ගත්තට පස්සේ ඔයාගෙන් හුඟක් අය ඇහුවා ඇයි යන්නේ කියලා. ඒ ඇහුවේ ක්‍රිකට්වලට සමුදෙන්නේ ඇයි කියලා. ඔයා දුන්නා මාරම උත්තරයක්. යන්න ඕනෑ ඇයි යන්නෙ කියලා අහන තැනකදී මිසක් ඇයි යන්නැත්තේ කියලා අහන තැනකදී නෙවෙයි. මම කැමතියි ඇයි යන්නැත්තේ කියලා අහනකම් නොඉද මේ විදිහට යන්නම් කියලා යන්න.

ජීවිතය කන්දක්සේ දැන තරණය කළ යුතුය. කැප්ටන් කූල් තම කණ්ඩායම් සඟයාට පෙන්වා දුන්නේ ඒ කන්ද වෙර වීරියෙන් තරණය කළ යුතුම මාවතයි. කැප්ටන් කූල් තම කණ්ඩායම් සඟයා වෙත ප්‍රදානය කළේ ඒ ගමනේදී පා තබා ඇවිදින්නට අවැසි ධෛර්යයි. දෛවය කොතෙක් සරදමක්දැයි හැඟෙන්නේ මුරලිට චෝදනා නැගූ, මුරලි බෝලය දමා ගසන්නේ යැයි වරදකට මුවා කර වරදකරුවෙකු කරන්නට ගැසිය හැකි හැම තුරුම්පුවක්ම ගැසූ ඔස්ට්‍රේලියාවටම මුරලිව දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස එරටට ගෙන්වා ගැනීමට අවැසි වීමයි. මුරලි අමිල මිණක් වග ඉඳින් කියනු කුමටද?

මුරලි හැමදාමත් මුරලිමය. ධනය බලය නිසා ජීවිතයේ වෙනස් වෙන්නට තැනක් මුරලිට තිබුණේ නැත. එහෙව් මුරලිගේ ජීවිතය අළලා නිමැවූ එම්.එස්. ශ්‍රීපති අධ්‍යක්ෂණය කළ 800 දමිළ චිත්‍රපටයේ තිර නාටකයේ සම රචකයකු ලෙස බුකර් ත්‍යාගලාභී ෂෙහාන් කරුණාතිලකද එක්වීම අපට තවත් අභිමානයකි. 

800 සිනමා වියමනෙහි කැප්ටන් කූල්ෙග්, අර්ජුන රණතුංගගේ චරිතය හා ආත්මීය ආලයකින් හුස්මක් ගන්නේ ලාංකික සිනමාවේ සුන්දර පෞරුෂත්වයකට හිමිකම් කියන කිං රත්නම්ය. ලාංකික සිනමාවෙන් ඔබ්බට සිනමාවේ මං තරණය කළ යුතු යැයි අපට සිත්වන රංග පෞරුෂයක් කිං රත්නම් සතු වග නොලියා හිඳින්නට මට නොසිතේ. දමිළ සිනමාවේ අසහාය රංගධරයකු වන විජේ සේතුපති මුරලිදරන්ගේ චරිතයට හුස්මක් දෙන්නට සිටියත් මුත්තයියා මුරලිදරන් යනු දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට පිටු පෑ අෙයකු බව කියමින් තමිල්නාඩු දමිළ ජනතාව සේතුපතිට එල්ල කළ විරෝධය හමුවේ මුරලිට කියාම සේතුපති මුරලිට පණ දෙන රංගනයෙන් ඉවත් විය. 2020 දී නැගුණ ඒ උණුසුම් විරෝධය ඔහේ නිවී යද්දී මධූර් මිටාල් (Madhur Mittal) මුරලිගේ චරිතයේ සිනමාමය අයිතිකාර භූමිකාව තුළ සිටගත්තේය. මුරලිගේ සෙනෙහෙවන්තියගේ, බිරිඳ මදිමලන්ගේ චරිතයට මහිමා නම්බිසාර් පැමිණියාය. 

මෙතැන් සිට ආයිත් දවසක කතා කරමු. මක් නිසාද යත් නොබැලූ 800 ගැන, පූර්ව ප්‍රචාරක පටය පමණක් නැරඹූ 800 ගැන, ඉන් එහා නොබලා යමක් කතා කරන්නට මට නම් ඉතින් නොහැකි නිසාමය.

I සංජීවිකා
I සේයාරුව: රුෂිරු කොළඹතන්ත්‍රිගේ