උමාලි තිලකරත්න සංවේදීව කියූ හිතාගන්න බැරි කතාව
උමාලි තිලකරත්න කියන්නෙ නිහතාමනී රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගන්න ආදරණීය චරිතයක්. පසුගිය දවසක Tharindu Welhenage අහපු ප්‍රශ්නයකට උමාලි හරි අපූරු උත්තරයක් දීලා තිබුණා. ඒ මොහොතේ ඔහු අහන්නෙ 'වැටෙන ගැහැනු' ගැන..
"ඇයි ගැහැනු කියලා කියන්නෙ. අපි හැමෝම මිනිස්සු. අපි වැටෙනවා. අපි හිතාමතා වැටෙන් නෑ. වැටෙන වෙලාවට වැටෙන්න ඕනි. වැටුණා කියලා දැනගන්න ඕනි. ඊටපස්සෙ නැඟිටින විදිහ හොයාගන්න ඕනි. උදව් කරන්න අය ඉඳිවී. හැබැයි ඒ හැමදේටම වැඩිය තමන්ගේ ඇතුළේ තියෙන ආත්ම ශක්තිය කියන එක අඳුනගන්න එක හොඳයි. එතනින් ඉදිරියට ජීවත් වෙන්න උත්සාහ කරන එකයි අපි කරන්න ඕනි. හැම මොහොතක්ම අවංකව ජීවත් වෙන්න. එතකොට වැටුණත් එකයි. අපිව නැඟිට්ටවන්නෙත් වට්ටවන්නෙත් පිට මිනිස්සු. බාහිරව වන දේවල් වලට වඩා තමන්ගේ අභ්‍යන්තරය තමයි වැදගත්. ඉතින් අභ්‍යන්තරය ශක්තිමත් කරගත්තොත් ජීවිතේ මොන දේ වුණත් අපි සැළෙන් නෑ.."