උපන්දිනය දවසේ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීට ගෝලයො ටිකක් එකතු වෙලා දීපු අපූරු Birthday Surprise එ
චරිතා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ අපෙ රටේ ගායන ක්ෂේත්‍රයට බිගි වුණු දක්ෂ ගායන ශිල්පිනියක් වගේම හොඳ නිවේදිකාවක්. ගුරුවරියක්. අද ඇගේ උපන්දිනය. අද පාන්දර 12 වෙද්දි ඇයට ඇගේ ගෝලයන් පිරිසක් එකතු වෙලා අපූරු Birthday Surprise එකක් දීලා තිබුණා. එතැනින් එක් ශිෂ්‍යාවක් ඒ අපූරු Birthday Surprise එක ගැන සටහනක් පල කරමින් ඡායාරූප කීපයක් පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.
"ඔක්තෝබර් 19 කියන්නේ මට සුවිශේශී වූ දිනයක්. මොකද අපේ චරිතා මිස්ගේ උපන්දිනය අද.. ඉතින් මට සුවිශේදියි කිව්වේ මම තමයි එදාට අපේ පන්තිවල කිහිප දෙනෙක් එකතු කරගෙන රෑ 12 ට අපි හැමෝම යන්නේ චරිතා මිස් surprise කරන්න.
චරිතා මිස් surprise කරන්නට ටිකක් අමාරුයි. මොකද ම්ස්නේ සර්ගේ වැඩකටයුතු වලටත් , අනිත් හැම වැඩකටම මූලික වෙලා වැඩ කරන කෙනා .. ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි . ඒ වගේම අපේ සර්ටත් ඒ වගේ දේවල් හංගගෙන කරන්න අමාරුයි..විශේෂයෙන් මිස්ට හංගලා වැඩ කරන්නට අමාරුයි.
ගිය අවුරුද්දෙත් හරියට රෑ 12 ට අපි ගියා ගෙදරටම. එදත් මිස් ඇත්තටම පුදුම වුණා.. මෙදත් එහෙම යන්න ඉන්නකොට මට ආරංචියක් ආවා වෙනම පිරිසක් එක්ක රෑ කෑමට මිස්ල එලියට යනවා කියලා. කිරුලපන පැත්තේ රෙස්ටුරන්ට් එකකට.
ඉතින් මොකද කලේ ඒ අය එක්ක කතා බහ කරගෙන ඒ පාර්ටිය මැද්දට හරියට රෑ 12 ට අපි ගියා.. අපිට ඒ අවස්ථාව දුන්නට අජන්තා පීරිස් අක්කටත් ගොඩාක් ස්තුතියි . ඒවගේම අපේ ඩොක්ටර් , නිලූ, නිරන්ති අක්කා ඇතුලු සියලුම දෙනාටත් ස්තුතියි .. මැණික් අක්කට එන්නට නොහැකි වීම ගැන කණගාටුයි ..ඒත් අශාන් පුතාවත් මේ වෙලාවේ මතක් කරනවා.
ඒ වගේම අමතක කරන්නටම බෑ දැන් එඩ්වඩ් සර්ටත් හොඳටම පුරුදුයි මිස්ව surprise කරන්න අපිට සහාය දෙන්නත්..
ඔන්න ඔහොමයි අපි අපේ මිස්ව surprise කලේ..
ඉතින් මගේ ආදරණීය චරිතා මිස්ට....
නි දු ක් නි රෝ ගී......සු බ ම සු බ
වා ස නා ව න් ත
උ ප න් දි න ය ක් වේ වා !"