උපන්දිනය දා මනේජ් කළ උතුම් වැඩක්
පසුගියදා දිනයේ ජනප්රිය ගායන ශිල්පි මනේජ් සංජයගේ උපන්දිනය යෙදී තිබුණා. ලැබුණු සුබපැතුම් රැසක් මැද , ඔහු හරි උතුම් වැඩකට සම්බන්ධ වෙලා තිබුණා. අහම්බයක් වුණත්, උපන්දිනය දා කළ මේ උතුම් පින් කටයුත්ත කාගෙත් කතාබහට ලක්වන වැඩක් බවට පත්ව තිබුණා.
ජීවිතේ හරි පුදුමයි.
ජීවත්වෙන්න මිනිස්සු විදින දුකත් පුදුමයි.
එදා පැය ගානක් වැහැපු මහ වැස්සේ අපිත් තෙල් නැති නිසා බයික් එකේ හොදටෝම තෙමීගෙන වෙඩිමකට සින්දු කියන්න යන ගමන්.
මහ වැස්සෙම ආච්චි අම්මා කෙනෙක් වැස්සත් නොතකා එයාගේ රඹුටන් ටික විකිණෙනකල් වෙන්න ඇති සීතලේ කුඩේ යට හිටියේ
ඔක්කොටම සල්ලි දුන්නා ඉතින්. එහෙම ගන්න ඉතින් මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. හැබැයි ඕන උනා එයාව ගෙදර යවන්න. මම මහන්සියෙන් උපයපු මුදලින් හරිම සතුටින්.
මේ කාලේ අපි හැමෝම අසරණයි.
පුළුවන් විදියට අපි අපිට උදව් කරගමු.
අද මගේ උපන්දිනෙත්ලු.