ඊශ්‍රායලයේදී සිදු වුණ අනතුර ගැන රයිනි කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දිනෙක ඊශ්‍රායලයේ සංචාරයේ යෙදුන ෆ්ලෑශ් බෑක් සංගීත කන්ඩායමට එරට ප්‍රසංගය පවතින අතරතුරේ අනතුරකට මුහුණ දෙන්න වුණා. ඒ සංචාරයට රයිනි චරුකාද ගී ගැයීම සඳහා එකතු වී තිබුනා. මේ අනතුර සිදු වෙන වෙලාවේ වේදිකාවේ ගීත ගයමින් සිටියේ රයිනි චාරුකා.

ඇය ෆ්ලෑස්බැක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් ශිල්පියාගේ ඇඟට වැටිලා තිබුන පසුපස සවිකර තිබූ තිරයක් අතින් අල්ලගෙන ඉන්නවා ඔහුට හානියක් නොවෙන්න. පසුව ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොශාන් ප්‍රනාන්දු ඇයව හඳුන්වනවා "යකඩ කෙල්ල" කියලා.

ඒ අනතුර වෙන වෙලාවේ ඇයට ඇත්තටම මොකද වුනේ. ඇය නම් කියන්නේ තිගැස්මක් ඇති වුණත් කාට හරි කරදරයක් වෙලා ඇති කියලා බයක් දැනුනා කියලා. රයිනි ඇත්තටම යකඩ කෙල්ලෙක් වුණේ කොහොමද?මේ ඒ ගැන ඇය පවසා තිබූ කතාව.

මම දන්නේ නැහැ ඒ වෙලාවේ මගෙ මයින්ඩ් එකයි,බොඩි එකයි රීඇක්ට් කරපු විදිහ. මම හිතන්නේ මම පුංචි කාලයෙත් ඒ වගේ අත්දැකීම්වලට මුහුණ පාලා තියෙනවනේ. 2001 වසරෙදි අම්මාගේ,තාත්තාගේ කොණ්ඩේ කපනවා.2004 දී අපේ ගෙදරට ගිනි තියනවා. ඉතින් මම අවුරුදු 9 ඉඳලා ඒ දේවල්වලට මුහුණ දීලනේ තියෙන්නේ.