ඉසස්යා සඳුමිණි හා පැංචිගේ උපන්දින සැමරුම
ඉෂාරා සඳමිණී කියූ සැනින් ඔබට මැවෙන්නේ පුංචි තිරයේ අහිංසක හිනාවකට හිමිකම් කියන, සුන්දර යුවතියක්. එහෙම නේද. මේ අම්මට දෙවෙනි නොවන ලස්සනක්, අවිහිංසක හිනාවක් ඇයගේ දූටත් තියෙනවා. ඉසස්යා සඳුමිණි... දැන් පැංචිට අවුරුදු පහක්.
ඉතින් දූගේ උපන්දිනය වෙනුවෙන් ඉෂාරා - අනුර දෙපළ එක්ව දෝණිවත් තුරුළු කරගෙන පෙනීසිටි,
සොඳුරු සේයා රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණා. මේක හරියට ලස්සනම ලස්සන සුරංගනා කතාවක් වගේ.
"මගේ ජීවිතයම වෙනස්කරපු මගේ පන ඩිංග. සුබම සුබ උපන්දිනයක් මගෙ රත්තරං "