ඉන්දියාවේ ඉන්න යොහානි මැණිකේ, Punjab Kings පිටියෙන් මතුවීමත් සමඟ මෙරට රසිකයන්ගෙන් සැර ප්රතිචාර
යොහානි ද සිල්වා නොහොත් මැණිකේ කිව්වම දැන් ඇයව මුලු ලෝකෙම දන්නවා. මේ එකම එක සිංදුවෙන් මුලු ලෝකෙම ජනප්රිය වෙන යොහානි මේ දවස්වල ඉන්නෙ ඉන්දියාවේ. ඉන්දියාවේ ඉන්න ජනප්රිය තරු එක්කලා ඡායාරූප පළ කරන යොහානිට ලංකාවේ 'ෆෑන්ස්ලා' නම් එච්චරම යහපත් ප්රතිචාර දක්වන්නෙ නැහැ. යොහානි, නිර්පාක්ෂික අරගලයට 'සපෝට් කළේ නෑනේ' කියන තරහා තමයි ලංකාවේ ෆෑන්ස්ලාට තියෙන්නේ.
මෙන්න මේ අතරේ Punjab Kings පේජ් එකෙත් යොහානිගේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඇය 'භානුක' වෙනුවෙන් 'සපෝට් කරන්න' ඉන්දියාවට ආවා කියලයි කියන්නෙ. හැබැයි ඉතින් ලංකාවේ අපේ කට්ටිය ඉංග්රීසි සහ සිංහල කවලමේ ගොඩක් සැර ප්රතිචාර දක්වලා තිබුණා මේ ඡායාරූපයට.
විශේෂත්වය වුණේ, මේ ඡායාරූපයට 'හාහා රියැක්ට්' අධික වීම. (ඒ හැමෝම ලංකාවේ අයලූ හොඳේ.)