ඇය අමතන විට හිරු නැඟ එයි, තරහා වූ විට රාත්‍රිය එළඹෙයි - ආදරණීය අම්මා ගැන ඇය තැබූ සටහන
යශෝදා විමලධර්ම කියන්නෙ මෙරට කලා ලොවේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම දක්ෂ සහ ප්‍රවීණ කලා තරුවක්. නිතරම සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙන ඇය සිය මව සහ පියා ගැන තබන සටහන් නිතරම අපේ ඇස ගැටෙනවා.
මේ සටහනත් ඇය එලෙස මව ගැන තබා තිබූ පැදි පෙළකි...
අම්මා...
ඇයමයි ගංගා ..ඇයමයි ජමුනා
ඇයමයි පුදසුන..
ඇය අත ඔබ හිස මත වේ නම්..
දෙවියන් කුමටද?
කරමි ඔබට පිණිපා ..අම්මේ..
දෑස හිරැ සඳුයි..සිරස නිලඹරයි..
මුලු ලොව ඇය ඇකයෙයි..
සුසුමන් මල් සුවඳයි...
සයුරැ සළුපට රළ නගයි..
කියඹු වැල ඝන වළාවයි..
කරමි ඔබට පිණිපා ..අම්මේ..
ඇය අමතන විට හිරැ නැග එයි..
තරහා වූ විට රාත්‍රිය එළඹෙයි...
ඇගෙ සෙනෙහස ඔබ ළඟ ඇත්නම්..
හැම සැප ඔබ ළඟ වෙයි...
ඇගෙ මව් සෙනෙහස වෑහෙන්නේ..
ගිර'ගින් සැන්දෑ වෙන්නා වාගෙයි...
කරමි ඔබට පිණිපා..අම්මේ...
යශෝදා විමලධර්ම