ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනවා - දිනේෂ් තරංගගේ බිරිඳ පැවසූ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනේෂ් තරංග කියන්නේ මෑත කාලයේදී එක පෙළට ගීත රැසක්ම එළිදැක්වූ ජනප්රිුය ගායකයෙක්. ඔහුගේ මීවිත පිරුණා, මනමාල සිතක් වැනි පැරණි ගීත සේම ඉරණම් ගමනේ, සංසාරේ වැනි මෑත කාලයේ නිර්මාඛය කළ ගීතද අතිශයින්ම ජනප්රිාය වුණා. දිනේෂ් තරංග කියන්නේ ජනප්‍රිය ගායකයෙක්, විවාහයත් එක්ක ඔහු ගැන තැන තැන කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඒ ඔහුට වඩා වැඩිමහල් කෙනෙක් ප්‍රිය බිරිඳ කරගත්තාට. නමුත් සමාජය මොන දේ හිතුවත් ඔහු ඒ ගැන ගණන් නොගෙන පවුල එක්ක සතුටින් කාලය ගත කරනවා. ඇයගේ ආදරණීය බිරිඳගේ නම් රැන්ඩෙලා මාරිස් සමග විවාහ ජීවිතයට පිවිස අවුරුදු 14 කට ආසන්න කාලයක් බවයි ඇය පවසන්නේ. පසුගියදා ස්වර්ණවාහිනි නාලිකාවේ 'හිත ඉල්ලන තරු' වැඩසටහනට පැමිණ ඇය තම විවාහය ගැන මෙවැනි කාරණාවක් පැවසුවා.

මුලින්ම කියන්න ඕනේ. ස්තූති වන්ත වෙන්න ඕනා මුලින්ම. මේ මගේ පළවෙනි ටීවී පෝග්‍රැම් එක. මම පටන් ගද්දි කිව්වා වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක් තමයි ජීවිතේ. අපි අවුරුදු 12 ක් එකට. මේ අපි දෙන්නා වගේ ආදර කතාවක් මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම. හරි කතාබහට ලක්වෙනවා. ඒ ගමනේ අමාරු කම නෙමෙයි මිනිස්සු දකින්නේ. එළියට තියෙන දේ. අපි දෙන්නාගේ වයස පරතරය අවුරුදු නවයක්. මම ඒක කියන්න කොයි වෙලාවේවත් පැකිලෙන්නේ නැහැ. මොකද එක පාරටම මිනිස්සු අහන දෙයක් තමයි. මං හිතන්නේ ඒක මං කිව්වට කමක් නැතුව ඇති. ඇන්ටි කෙනෙක්ව බැන්දේ ඇයි කියලා. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. මට අවුරුදු 29 යි දිනේෂ්ව බඳින කොට. එතකොට නම් මම ඇන්ටි කෙනෙක් නෙමෙයි මම හිතන්නේ. අවුරුදු ගානකට පස්සේ තමයි මිනිස්සු මාව දැක්කේ. අපි දෙන්නාගේ 10 වැනි විවාහ සංවත්සරයට අපි දෙන්නා කරපු සිංදුවෙන් තමයි මාව එළියට ආවේ. අපි දෙන්නා පල්ලියෙන් හම්බ වුනේ. චර්ච් කුවාර් එකේ අපි දෙන්නා එකට හිටියේ. මිනිස්සු හැමෝගේම ජීවිත එක පාරටම පර්ෆේක්ට් වෙන්නේ නැහැ. සමහර ඒවා ඉක්මන්ට වෙනවා සමහර ඒවා පහුවෙලා වෙනවා. ඉතිං ගෑනු කෙනෙක් සාමාන්‍යයෙන් රිස්ක් එකක් තමුන්ගේ ජීවිතේ දේවල් වලට. ඉතිං මම රික්ස් එකක් ගත්තා. ඒක වැරදිලා නැහැ. අමාරුයි. හැබැයි වැරදිලා නැහැ. මේ දෙසැම්බර් වලට අපි දෙන්නා නීතියානූකූලව විවාහ වෙලා අවුරුදු 12ක්. ඉතිං ඕක තමයි ආදර කතාව මම කියන්නේ මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දිනේෂ් තමයි ලොකු ළමයා. සමරුන් කියද්දි මම දිනේෂ්ගේ අම්මා වගේ කියලා. මම ඒක හරි සතුටෙන් භාරගන්නවා. ඇත්තටම මම අම්මා තමයි. දිනේෂ්ගේ මම අම්මා තමයි. සමහර අවස්ථාවලදී ඇරෙන්න බොහෝම සුළු අවස්ථාවලදී ඇරෙන්න එයාගේ ජීවිතේ මම අම්මා තමයි. මම ඒකට සතුටුයි. ඒක වෙන්න ඇති මගේ රෝල් එක.