ඇත්තටම දුෂේනිගේ සතුටට හේතුව සචින්ද..?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුශේනි මියුරංගි කියන්නේ අපේ රටේ පොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඔය රංගනයෙන් දායක වන චරිත බොහොමයක් එකිනෙකට වෙනස්. ඇය තුළ තියෙන නිසග රංග ප්‍රතිභාව නිසාම දුෂේනි සම්මානයට පාත්‍ර වෙච්ච අවස්ථාත් ඕනෑ තරම් අපට දැකගන්න පුළුවන්.

ඉතින් පසුගිය දවසක පැවති රයිගම් සම්මාන උළෙලේදීත් දුෂේනිට ඒවගේ තවත් අමතක නොවන සම්මානයක් ලැබුණා.. ඒත් මේ කියන්න යන්නේ සම්මානය ගැන නම් කතාවක් නෙවෙයි. ඇගේ ජීවිතයේ අලුත් වෙනසකට මුල පුරන්න හේතුවක් වෙච්ච පුද්ගලයෙක්, එදා ඒ රාත්‍රියේ ඇගේ ළඟින්ම හිටිය.. දුෂේනි මේ කතාව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කිව්වේ එදා නිසාද දන්නෑ දුශේනි ඒ වෙලාවෙ හිටියේ ගොඩක් ලැජ්ජාවෙන්.

කොහොම වුණත් සචින් ගේ දුශේනිගේ ආදර සම්බන්ධතාවය ගැන මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා. අම්ම තාත්තට පස්සේ ඇගේ ජීවිතයට ලැබුණු ලොකුම හයිය වුණේ සචින් කියලා තමයි දුෂේනි නම් කියන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ කලා කටයුතුවලට වගේම මේ පටන් ගත්ත අලුත් ජීවිතයටත් අපිත් හදවතින්ම සුබ පතනවා.