ඇත්තටම එයාට තියන ලස්සනත් එක්ක ඕනෑ තරම් කෝටිපතියකු හොයාගන්න තිබුණා - ශෙරිල්ගේ ආදරය ගැන, රුවන් කියන
රුවන් - ශෙරිල් යුවළ කියන්නෙ මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ සිට නමක් දිනාගෙන සිටින සොඳුරු තරු යුවළක්. සංගීතය පැත්තෙන් කලාවේ නමක් දිනූ රුවන්ට වගේම, රංගනයෙන් නමක් දිනූ ශෙරිල්ට ආදරේ කරන රසික පිරිස අතිමහත්. ඒ වගේම තමයි දෙන්නගෙ පෞද්ගලික ජීවිතෙත්. මේ දෙන්නා හරිම ආදරණීය යුවළක්. ගෙවුණු දවසක සමාජ මාධ්‍යයේ ඔවුන් දෙදෙනා අලලා නිර්මාණය වුණු එක්තරා පෝස්ට් එකක් ඔබත් දකින්න ඇති. ඔන්න ඉතින් ඒ පෝස්ට් එකට රුවන් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා.
"මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත වෙනවා. එය සැබෑවටම ඇත්තක්. මගේ බිරිද ෂෙරිල් මාව විවාහා වුන දවසේ ඉදන් අද වෙනකන් මගෙත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම එයාට තියන ලස්සනත් එක්ක කිව්වා වගේ ඕනෑම තරම් කෝටිපතියකු හොයාගන්න තිබුනා. මෙම පෝස්ටර් එක අද මට එයා උදේ පෙන්නූ වෙලාවේ මම ඇහුවා ෂෙරිල්ගෙන් ඇයි ඇත්තටම ඔයා මට කැමති වුනේ කියලා. එයා කිව්වේ මම ඔයාට ආදරේ ඇති වුන නිසයි එහෙම නැත්නම් සල්ලි වලටනම් ඕන කෙනෙක් ගාවට යන්න තිබ්බා කියලා මට උත්තර දුන්නා. ඉතින් ඇත්තටම එයා මට ලොකු හයියක්, සැබවින්ම දිනක මම කෝටිපතියෙක් උනොත් එම සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ බිරිඳ ෂෙරිල් ( පොඩ්ඩක් ඉතින් කොච්චි කරල තමා ) "