ඇත්ත ජීවිතේදිත් ගායිකාවක වීම තමයි මගේ සිහිනය. මම නිළියක් නෙවෙයිනෙ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයගේ නම වොසිකා. වාසගම වෙන්නේ පෙරේරා. රියලිටි සංගීත වැඩසටහන් නරඹන අයට මේ වොසිකා කියන්නේ අමුත්තියක් නොවෙයි. ලංකාවේ රූපවාහිනි චැනල සෑම එකකම වාගේ රියැලිටිවලට තරග කළ සහ විටෙක නිවේදිකාවක් ලෙසද කටයුතු කරන වොසිකා ගැන මේ දිනවල කතා වන්නේ ඒ කිසි දෙයක් නිසා නොවෙයි. තාරුණ්‍යයේ අපට සිටින නිර්මාණශීලි දක්ෂ රංග ශිල්පියෙකු සහ නිවේදකයකු මෙන්ම පිටපත් රචකයකු වන ධනංජය සිරිවර්ධන අධ්‍යක්‍ෂණය කළ ‘‘සිදාදියේ සමනළියෝ’’ නාට්‍යයේ ‘උමාලි’ ගේ චරිතය නිසයි. 

සිදාදියේ සමනළියෝ’ නාට්‍යයේ මම රඟපාන්නේ ‘උමාලි’ නමැති චරිතය. එක්තරා වලව්වක බෝඩිමක් තියෙනවා. මේ වලව් බෝඩිමේ හිමිකාරිය විවාහයක් කර නොගත්හ ‘මංගලිකා’ අක්කා. එයා මේ ගෙදර නවාතැන් ආවාට ගියාට ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා තියෙන ගැහැණු ළමුන්ට නවාතැන් දෙන්නේ නැහැ. උමාලිගේ ගම බදුල්ල පස්සර. සිංදු කියන ගෑනු ළමයෙක්. ගමේ එක එකා ෆබ්වලට ගිහින් සිංදු කිව්වට ඒ වැඩේ හරි ගියේ නැහැ. ඒ නිසා එයා කොළඹ එන්න තීරණය කරනවා. කොළඹ ඇවිත් සිංදු කියන ජොබ් එකක් හොයා ගත්ත. කොහෝ ගියත් උමාලි යන්නේ එයාගේ ගිටාරය කරේ දාගෙන. එයාට ස්කූටරයක් තියෙනවා. අඳින පළඳින විදියත් ටිකක් වෙනස්. 

ඉතිං ඇයට බෝඩිමක් හම්බ වෙනවද? 

ඉන්නකො කතාව කියන්න 

හරි හරි කියන්න කියන්න 

කොළඹට ඇවිත් නවතින්න තැනක් හොයාගෙන යන අතරේ එයා බෝඩ් එකක් දකිනවා, නවාතැන් පහසුකම් තියෙන. එ්ක බලාගෙන ඒ ගැන හොයාගෙන එනවා. එ වන විටත් තව ගැහැනු ළමුන් හතර දෙනෙක් ඒ බෝඩිමේ ඉන්නවා. අන්තිමට එන කෙනා මම. එතකොට ඔක්කොම පහයි. මේක වලව්වක්. මුලින්ම මම වලව්වේ හිමිකාරියට කතා කරන්නේ නැන්දේ කියලා. ඒත් එයා කැමති නැහැ නැන්දලා කියනවාට. ‘‘මෙහේ නැන්දාලා නෑ-අක්කා කියලා කතා කරන්න කියලා එයා කියනවා. 
ඊට පස්සේ මම එයාට අක්කේ කියලා කතා කරන්න පටන් ගන්නවා. කොහොම වුනත් එයා මට මගේ බාහිර පෙනුමට විදියට මුලින් කැමති වෙන්නේ නැහැ. 

ඔයා මොනවද  කරන්නේ කියලා.
මංගලිකා අක්කා මගෙන් අහනවා . එතකොට මම කියන්නේ රෑට තමයි වැඩ. මම සිංදු කියන්නේ කියලා.. 
රෑට කොහෙද යන්නේ ? ගැහැනු ළමයින්ට රෑට වැඩ හොඳ නැහැ. 
මංගලිකා අක්කා එහෙම කියද්දි නෑ ඉතිං මගේ ජොබ් එකේ විදියනේ කියලා මම එයාට කියනවා. අනෙක ගිටාර් ගහල අනෙක් අයගේ නින්දට බාධා කරන්න එපා කියලත් ඇය කියනවා. 
අනේ ඉතිං මම රෑට නැහැනේ ඉතිං මගෙන් ප්‍රශ්නයක් නැහැ 
මේ බෝඩිමට මාව ගන්න කියලා මම බැගැපත් වෙනවා. 
ඒත් එයා කැමති වෙන්නේම නැහැ, අන්තිමට කොල්ලෙක් ඉන්නවද අහනවා. එතකොට මම මෙයාව නැතුව බැහැ කියලා මම ගිටාර් එක පෙන්වනවා. 
ආ එහෙනම් සිංදුවක් කියන්නකෝ කියලා මංගලිකා, අක්කා කියනවා...
ඔබේ සිනා ළඟ සිත නැවතුණදා 
ඔබේ කතා ළඟ සිත නැවතුණදා 
මේ සිංදුව අහද්දි නපුරු මංගලිකා වඩාත් සංවේදී වෙනවා.. ඉතිං ඊට පස්සේ වෙනදේ බලා ගන්න සිදාදියේ සමනළියෝ දිගටම නරඹන්න. 

කමක් නැද්ද 

මොකක්ද?

සිදාදියේ සමනළියෝ දිගටම නැරඹුවාට? 

ලස්සනම - ලස්සන නාට්‍යයක් මම කිව්වත් - නැතත්, හැමෝම මේ නාට්‍ය දිගටම නරඹාවි. 

ඒ කතාවේ චරිතයනෙ වොසිකා . හැබෑවටත් මේ වගේ චරිතයක්ද?

ඇත්ත ජීවිතේදිත් ගායිකාවක වීම තමයි මගේ සිහිනය. මම නිළියක් නෙවෙයිනෙ. හැබැයි මේ චරිතයට මම වැඩියෙන්ම ආස වුණෙත් ඇත්ත ජීවිතේ වගේම නිසයි. මම මොඩ්ලින් කරලා තිබුණට රඟපාලා තිබුණේ නැහැ. මේ ‘උමාලිගේ’ චරිතයේ වෙනසකට තියෙන්නේ මම දුර පළාතක කෙනෙක් නොවීම විතරයි. මගේ ගම මත්තෙගොඩ කොට්ටාව. ඊළඟ වෙනස කොහේ ගියත් මම ගියේ අම්මා එක්ක. ඒත් ‘උමාලි’ යන්නේ තනියම. මගේ පවුලේ අම්මා - තාත්තාට සිංදු කියන්න බැහැ. ඒත් කලාවට මාරම විදියට ආසයි. තාත්තාට මියුරල් ආට් එහෙම පුළුවනි. තාත්තා කාලයක් හිටියෙ පිටරට. පවුලේ මමයි- නංගියි. නංගි මේ පාර ඒ ලෙවල්  කරනවා. මම ඉගෙන ගත්තෙ මත්තේගොඩ විද්‍යාදීප විද්‍යාලයේ. එතැනදි මුණගැසුණු අපේ සංගීත ටීචර් තමයි මාව ඉදිරියට දැම්මේ. ශාස්ත්‍රීය අංශයෙන් සමස්ත ලංකා තරගවලට පවා  යන්න මට පුළුවන් වුණා. ඉගෙනීමට වඩා මගේ දක්ෂතාවය සහ කැමැත්ත තිබුණේ විලාසිතා නිර්මාණයට, රූපලාවන්‍යට සහ සංගීතයට. මුලින්ම රූපවාහිනියේ වැඩසටහනකට ගියේ පොඩි කාලයේදිමයි. ‘ගී මුතු’ වලට එදා සහභාගී වුණා. එතැනින් පස්සේ නොගිය රියැලිටි එකක් නැති තරම්. අන්තිමට මිස් ශ්‍රී ලංකා ෆෝර් මිස් අර්ත් පවා ගියා. 

ඒ  කියන්නේ අරමුණට යන්න ලෙහෙසියෙන් ජීවිතය අත්හැරලා නැහැ? 

අපෝ නැහැ.. හැම දෙයක්ම ට්‍රයි කළා. අන්තිමට තමයි වොයිස්  එකට ගියේ. එහේදී තමයි වැඩි දෙනෙක් දැන ගත්තේ. මල් වියනෙන් බැඳ’ වෙනස් විදියට ගයන්න උත්සාහ කළ නිසා, වැඩි දෙනෙක් මා ගැන කතා කරන්න පටන් ගත්තා. 

දැන් රියැලිටි ගමන නතර කරලද තියෙන්නේ?

දැන් මට ඕනෑ මගේම ගීත කරන්න. ඒ වගේම ප්‍රසංග කීපයකටත් ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැන් මම මගේ ගමනට සූදානම් වෙමින් ඉන්නේ. මගේ ස්ටයිල් එකට, මගේ විදියට කැමති රසික පිරිසක් දැන් ඉන්නවා.

සිදාදියේ සමනළියෝ නාට්‍යයේ චරිතය වොසිකා හොයාගෙන ආවා ද? නැත්නම් වොසිකා ඒ අවස්ථාව හොයාගෙන ගියාද?

මට ඒ අවස්ථාව ගැන කිව්වේ මගේ යාළුවෙක්. ඒ චරිතයේ හැටියට ඔයා හරියටම එ්කට ගැලපෙනවා, පොඩ්ඩක් ගිහින් බලන්න කිව්වා. රඟපාන්න ඉගෙන ගෙන නැතත්, මගේ යාළුවා මට මෙහෙම කියන්නේ එයා මගේ හැකියාවක් දකින නිසා වෙන්නැති කියලා හිතාගෙන, ස්ක්‍රීන් ටෙස්ට් එකට සහභාගි වෙන්න ගියා. එතෙක් හැමදේටම ගිය එකේ මේකටත් ගිහින් බලනව කියලා හිතාගෙන ගියේ. අම්මෝ එතකොට තමයි බය හිතුණේ. විවිධ පළාත්වලින් විවිධ තරුණියන් රැසක් ඇවිත් හිටියේ. අපෝ මම නම් මේකට තේරෙන එකක් නැහැ කියලයි මට හිතුණේ. ඒත් ධෛර්ය අරගෙන පරික්‍ෂණයට පෙනී සිටියා. ධනංජය සිරිවර්ධන අයියා. එයා කිව්වේ මේ ගැන ලොකුවට පීඩනයක් ගන්න එපා, ‘‘ ඔය’’ රඟපාන්න ඕනැ තමයි, ඔයාගේ සැබැ ජීවිතේ ඔය ඉන්න විදියට චරිතයේ ඉන්න කිව්වා. ප්‍රධානම දේ ඔයාගේ චරිතයේදි ගායනය වැඩිපුර කරන්න තියෙන්නේ. ඒ ටික හරියට කරන්න. අනෙක් ටික  අපි හදන්නම් කිව්වා. එහෙම ටික දවසක් ගියාට පස්සේ මාව තෝරා ගත්තා කියලා පණිවුඩය ලැබුණාම මට පුදුම සතුටක් ඇති වුණේ. 

වොසිකා, ඒක අමුතු නමක් මොකක්ද තේරුම?

ඒක නම් අම්මගෙනුයි තාත්තගෙනුයි තමයි අහන්න ඕනෑ. කොම්බුව සහ ‘ව’ යන්න ඉස්සරහට යෙදෙන්න ඕනැය කියලා කිව්වලු.  ඉතින් ඒ වෙලාවේ හදිස්සියට ඒ නම දාලා නිතර ඇහිලා නැති නමක් නිසා හැමෝම මගෙන් නම ගැන අහනවා. උච්චාරණය කරන විදිය ගැනත් අහනවා. මේ දක්වා තවත් වොසිකා කෙනෙක් මට හමුවෙලත් නැහැ. 

වොසිකා, ඉතින්, ඉතින් ජීවිතේ කොහොමද මොන විදියද?

ජීවිතේ හොඳයි. මේ ටෙලි නාට්‍ය එක්ක අලුත් ගමනක් ආරම්භ වුණේ. හැමදාම රාත්‍රී ස්වර්ණවාහිනියෙන් මේ නාට්‍ය නරඹන්න පුළුවනි. ජීවිතේ සතුටින් ගෙවෙනවා. මේ නාට්‍යයේ ‘මංගලිකා’ අක්කා ලෙස රඟපාන්නේ යශෝදා අක්කා.  ඇය වගේ ප්‍රවීන - ජනකාන්ත ශිල්පිනියක් එක්ක රඟපාන්න ලැබීම පුදුම වාසනාවක්. මට වැඩිපුරම රඟපාන්න තියෙන්නෙත් එයා එක්ක. මතුපිටින් මංගලිකාගේ චරිතය බලලා සමහරු එයාට කමෙන්ට්ස් දාන්නේ ආඩම්බරයි, ටිකක් නපුරුයි එහෙම කියලා. අනේ ඒත් එයා හරිම හොඳ කෙනෙක්. එයා අපි අලුත් කියලා නොසලකා හැරියේ නැහැ. මතුපිටින් දකින කෙනාට වඩා එයාගේ ඇතුලේ ඉන්න  චරිතය බොහෝම වැදගත් - නිහතමානි - බුද්ධිමත් චරිතයක්. 

වොසිකා, ඔයාට ආදරේ කරන අය කැමති ඇති ඔයා ආදරවන්තියක්ද කියලා දැනගන්න. කොහොමද වොසිකාගේ ආදරේ?

ආදරවන්තියක්. එයා මගේ ජීවිතේ එක්ක කාලයක් තිස්සේ ඉන්නවා. ඒක සුන්දර ආදරයක්. මගේ මේ වැඩවලට උදව් කරනවා. අපි දෙන්නා එකතුවෙලා පොඩි විලාසිතා ව්‍යාපාරයකුත් කරගෙන යනවා. අද මම කාර්ය බහුල නිසා එයාට ටිකක් පාළුයි. මම තමයි ඒ විලාසිතා ව්‍යාපාරයේ ඩිසයින් ටික එහෙම කරන්නේ. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ