ඇඟ හදා ගන්න කියලා ලොකුවට ජිම් යන කෙනෙක් නෙවෙයි මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරේ නිතර දකින කඩවසම් නළුවෙක් තමයි යශ් වීරසිංහ කියන්නේ. නිරන්තරයෙන්ම තරුණ පිරිසගේ ආකාර්ශණය දිනාගන්නටද සමත් තරුණ නළුවෙකුද වන යශ්ට කඩවසම් සිරුරක්ද පිහිටා තිබේ. මේ තරම් කඩවසම් වූ ඔහු තමන්ගේ සිරුරේ හැඩ කරගත් හැටි ඔහු සාරවිට අපට කිව්වේ මේ විදිහට.

යශ් නිතරම වගේ කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවද?

නැහැ. සාමාන්‍ය විදිහට මම කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. වැඩක් ආවොත් ඒ වැඩේට හරියන විදිහට විතරයි මම ඇඟ හදාගන්නේ. එහෙම නැතුව ලොකුවට මම මගේ ඇගේ හැඩය ගැන හිතන්නේ නැහැ.

හැබැයි නළුවෙක් වුණාම කඩවසම් පෙනුමට ඉන්නත් ඕනා?

එහෙම නැහැ. රඟපාන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති නළුවෙකුට. ලංකාවේ ගොඩක් නළුවෝ ඉන්නවා ඇඟ ලස්සන නැති ඒත්, රඟපාන්න හොඳට පුළුවන් අය. මාත් එහෙමයි. ඔය ඡායාරූපවල තියෙන්නේ මම ධනුෂ්ක රත්නායකගේ හේලී ටෙලි නාට්‍යය වෙනුවෙන් හදාගත්ත ඇඟ. අශෝක හා සඳුන් අයියලා දෙන්නා තමයි ගොඩක් උදව් කළේ ඔය විදිහට මගේ ඇඟ හදාගන්න. ඊට පස්සේ තවත් නිර්මාණ කිහිපයකට මම ඇඟ අඩු කරගත්තා පස්සේ.

ශරිර සෞඛයට හොඳයි කොහොමත් ව්‍යායාම්වල නිරත වෙන එක?

ඔව්, කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ලොකුවට ඒ වැඩේ කරන්නත් බැහැ මට. මම මාස ගණනාවකින් පස්සේ ගිය සතියේ නැවතත් ව්‍යායාම්වලට සම්බන්ධ වුණා. මම ව්‍යායාම් කරන්න යන්නේ කඩුවෙල. මගේ පුහුණුකරු අසින්ත.

දිනපතා ඔබ ව්‍යායාම්වල නිරත වෙනවාද?

කරන වැඩත් එක්ක හැමදාම ඉතින් යන්න බැහැ. සතියකනට දින කිහිපයක් ඊට වෙන් කරගන්නවා. පැය දෙකක් තුනක් අවම මම ඒ වැඩේට වෙන් කරගන්නවා. රඟපාන චරිතයකට වගේ ඇඟ හදාගන්න වුණොත් මේ තත්ත්වය මීට වඩා වෙනස්. සතියකට දින තුනක් හෝ ඊට වැඩියෙන් ඒ වෙනුවෙන් යොදනවා.

කෑම පාලනය කොහොමද ඔබගේ?

පිටි, සිනි, තෙල් හා ලුණු  ගොඩක්ම අඩුවෙන් තමයි මම කන්නේ. පෝෂ්‍යදායි එළවලු වගේ දේවල් නිතරම මගේ කෑම වෙලට එකතු කරගන්නවා. ඊට අමතරව පෝටින්බහුල ආහාර වෙලක් ගන්නවා. සිරුර හදාගන්නවට වඩා මම මෙහෙම කෑම පාලනය කරන්නේ ඒක මගේ ශරිර සෞඛයට හොඳ නිසා. පසුගිය කාලේ ටිකක් විතර මම මහත් වුණා. දැන් ආයෙත් කැම පාලනය කරලා පරණ තත්ත්වයට එන්න බලනවා මම.

තරුණ ආකාර්ශනය කොහොමද ඔබට ලැබෙන?

වෙනසක් නැහැ. ජනප්‍රිය පුද්ගලයෙකුට ලැබෙන රසික ආකාර්ශනය මටත් තියෙනවා. තරුණ නළුවන්ට ඉතින් ගැණු ළමයින්ගෙන් තමා ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ වුණාට මට එහෙම විශේෂයක් නැහැ. තරුණ වයසක පොඩි අය මේ හැම කෙනෙක්ගෙන්ම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා.

බුද්ධික සේනාධීර