ආදරය වෙනුවෙන් ඕනැම දෙයක් කැප කරන්න පුළුවන් වෙන්න ඕනා
රංගන ශිල්පිණියකට අමතරව වර්තමානය වනවිට නිවේදිකාවක් ලෙසද කටයුතු කරන දිල්කි දිසානායකගෙන් අපි ආදරය ගැන විමසුවා. ආදරණිය දිනය වෙනුවෙන් ඇය ආදරය ගැන කිව්වේ මෙහෙම දෙයක්.
මම හිතන විදිහට ආදරේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්. අපි හැමෝටම ආදරය අත්‍යවශ්‍ය. කවුරු හරි අපිට ආදරය කරලා ඒ කෙනා අපිව අත්හැරලා ගියත් අපි නියම විදිහට ඒ කෙනාට ආදරය කරා නම් කවදාවත් අපිට ඒ කෙනාට වෛර කරන්න බැහැ. කෙනෙකුට අපි අවංකව ආදරය කරනවා නම් ඒ කෙනා වෙනුවෙන් අපි ඕනැම කැප කිරිමක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනා. තමන් ආදරය කරන කෙනාගේ හීන තමන්ගේ කරගෙන වුණත් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනා. ආදරය කියන්නේ හරි වෙනස් දෙයක්.