ආදරණීයන් එක්ක කතරගම වන්දනාවේ ගිය පියුමි හංසමාලි
නිරූපණය සහ රංගනය තුළ වඩාත් ජනප්‍රිය නමකි, පියුමි හංසමාලි. දැන් නම් ඇය වැඩි වශයෙන් ජනප්‍රිය ව්‍යාපාරික කාන්තාවක් හැටියට. තම එදිනදා ජීවිතයේ වැදගත් මතක සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගන්නා පියුමි, කවදත් කෙලින් කතා කරන කෙනෙක්. සමාජ සුබසාධන වැඩකටයුතුවලදීත් ඉදිරියෙන් ඉන්න ඇයට ආදරේ කරන සෑහෙන පිරිසක් දැකිය හැකියි. ඔන්න ඉතින් ඇය සිය ආදරණීයන් එක්ක කතරගම වන්දනා ගමනක් ගිහින්.
ඒ ගමන ගැන සටහනක් වගේම සුන්දර සේයා රූ එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කරන්නත් ඇය අමතක කර තිබුණේ නෑ...
"කරගම ආවා. අලුත් jeep එකට පුජා වට්ටියක් දෙන්න ආවා. තව කෙනෙක් දියුනු වෙනවා දැලා හැමෝටම සතුටු වෙන්න බෑ. එහෙම සතුටු වෙන්න පුලුවන් ලස්සන හදවත් තියන අයට පමනයි. පෙර කල කර්මයට අනුව අපෙ දෛවය ලියැවිලා තියෙන්නෙ. ඉතිං නොපමාව පිං රැස්කන්න. පුලුවන් සෑම තත්පරෙම කාට හරි පිහිටක් වන්න. නොසිතු මොහොතක ඒ පින ඔබ කරා පැමිනෙනු ඇත. අත්දැකිමෙන් කියන්නෙ මම "