ආදරණීය දෝණිට සුබපැතුම් එකතු කළ, ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආදරණීය දියණිය, ලිහිණි හෙට්ටිආරච්චි පසුගිය දවසක යුග දිවියට පිවිසුණු බව ඔබ හොඳින්ම දන්නා කාරණයක්. විවාහයෙන් පසුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවන බවයි අපිට දැනගන්න ලැබුණේ.
ඒ කැනඩාව බලා. දියණියගේ මේ ගමන ගැන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ආදරණීය සුබපැතුම් පණිවිඩයක් මෙලෙස තබා තිබුණා. "අපේ බලාපොරොත්තු ඉටු කරන්න අද මගේ දෝණි උසස් අධ්‍යාපනය සදහා කැනඩාව බලා පිටත් උනා.
මගේ දෝණිගේ සියලු කටයුතු සාර්ථක කර ගැනිම අපේ එකම පැතුමයි. බුදුසරණයී බුදු සරනයි මගේ දෝනිට"