ආදරේ මෙහෙම ගුලි කරලා බෝතලේකට දාලා මූදට වීසි කළා. කසාද නම් බඳින් නෑ.
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන සුන්දර ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නෙ. කාලයක් විදෙස්ගත වෙලා හිටපු ඇය මෑතක ලංකාවට ඇවිත් ඇගේ අලුත්ම සැලූන් එකකුත් පටන් ගත්තා. ගයත්‍රි සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඇය දියණියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
"මගේ පොඩි දෙන්නගේ වැඩ වලට තමයි කැනඩා ගියේ. ආපහු යන්න කියලත් හිතන් ඉන්නවා. ඒත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මම ලංකාවට තරම් ආස නෑ කොහේටවත්. ළමයින්ගේ අනාගතයට හොඳයි කියලා හිතෙනවා..."
ගයත්‍රිගේ ජීවිතේ දැන ආදර කතාවක් නැද්ද ?
"ආදර කතාවක් නෑ ජීවිතේ.. ආදරේ මෙහෙම ගුලි කරලා බෝතලේකට දාලා මූදට විසී කළා. කසාද නම් බඳින් නෑ. දෙපාරක් කසාද බඳිනවා කියන එක නම්.. මොකද මට ඉන්නෙ ගෑනූ ළමයි දෙන්නෙක්. මම ඉන්නෙ මදර් රෝල් එකේ විතරයි..."
"චන්න අයියයි මායි ළමයින්ගේ වැඩ වලදි වෙනසක් නෑ. මගේ මතය නම් මම හිතන්නෙ දරුවෝ කසාද බැඳලා යනකන් අපි එයාලා එක්ක ඉන්න ඕන. ගරුත්වය රැකගෙන ඉන්න ඕන..අපි දෙන්නගේ තේරුම් ගැනීම තාම තියනව. එයාගේ ලයිෆ් එකට මම කිසිම හානියක් කරන් නෑ. ඉතින් අපි හරි බිසීනේ. ඒ නිසා එක එක්කෙනා කියන ඒවා අහන්න කාලයක් නෑ..."
Lankadeepa