ආදරේ අපේ ජීවිතේ පහළටම ඇදලා දාන්න පුළුවන්. මටත් ඒ අත්දැකීම තියෙනවා.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශලනි තාරකා කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වෙන කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. ශලනි සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි. ඒ වගේම ඇගේ පෙම් කතාවක් ගැනත්  අපිටපසුගිය දවසක ඉඟිබිඟි ලැබුණා. ඇය ඇගේ පෙම්වතාගේ 'එඩිට්' කරපු ඡායාරූප පෙළකුත්මු හුණු පොතට එකතු කරලා තිබුණා.

හරි... ඒ කතාව ඇති. ශලනි ආදරේ ගැන කියපු කතාවක් තමා මේ...

"රංගනය වෙනුවෙන් පැත්තක ඉඳන් අම්මා තමයි සපෝට් කරන්නෙ. තාත්තා ආසයි මගේ දේවල් බලන්න. එයා ෆීල්ඩ් එක ගැන නොදන්න නිසා ඇගිලි ගහන්නෙ නෑ. පවුලේ හැමෝම මට සපෝට් කරනවා. ආදරේ අපේ ජීවිතේ ගොඩ ගන්න පුලුවන්, අපිව පහළම ඇදලා දාන්නත් පුලුවන්. මටත් එක එක අත්දැකීම් තියෙනවා. ආදරේ මම විඳලා තියනවා. දුක් විඳලා තියනවා. සතුට විඳලා තියනව. මම ආදරය නිර්වචනය කරන්න යන්නෙ නෑ. වාසනාව තියෙන්න ඕන ආදරේ හරියට විඳින්න.."

තමන්ට ලැබෙන් "බෑඩ් කමෙන්ට්ස්" ගැන, ශලනි කියන්නෙ මෙහෙම කතාවක්

"මට බැනලා කමෙන්ට් කරනවා නම් ඊට වඩා සතුටක් නෑ. ඒක තමා මගේ මෝටිවේශන් එක. බැන්නම මම පෙන්නන්නම් කියන මතේ ඉන්නෙ. මට මිනිස්සු බනිනවා නම් මම කැමති. මිනිස්සු ගල් ගහන්න මාළිඟාවක් හදනවා කියලා කතාවක් තියෙන්නෙ. මාත් එහෙමයි. විශේෂයෙන් මම නොකළ දේකට වැරදි කියනවා නම්..එයාලා එහෙම කමෙන්ට් කරන්නෙ මොකක් හරි ප්‍රශ්නයක්, පෙෂර් එකක් නිසා වෙන්නැතිනේ. මම ලොකු පිනක් කරගන්නව එයාලගේ පෙශර් එක හරි රිලීස් කරලා.."