ආණ්ඩුවේ උදව් නොලද රජා නේපාල යන්න විශේෂ දර්ශනයක් පවත්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ රාජ්‍ය සම්මාන දිනූ දිගු නාට්‍යක් වන 'රජා මං වහලා' නාට්‍ය 2022 නේපාල් ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා තෝරාගෙන තිබේ. මේ වෙනුවෙන් එහි යෑමට නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන්ගේ ගුවන් ටිකට්පත සඳහා රජයේ දායකත්වයක් ලබාදෙන ලෙස චාමික හත්ලහවත්ත සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ සඳහා ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් එම අමාත්‍යාංශය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේවෙතත් මෙම සිදුවීම කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැඩි වශයෙන් කතාබහට ලක්විය. 

කෙසේනමුත් නේපාල අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා සහභාගි වීමට අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් නාට්‍යවේදී චාමික හත්ලහවත්ත රජා මං වහලා නාට්‍යයේ විශේෂ දර්ශනයක් සංවිධානය කර තිබේ. මෙම විශේෂ දර්ශනය නොවැම්බර් 06දා සවස 3.30ට සහ සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.