ආචාර්ය රෝහණ වීරසිංහයන් අරගල බිමට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආචාර්ය රෝහණ වීරසිංහයන් ඊයේ දින පවතින අරගලය සම්බන්ධව ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඒ වගේම අද ඔහු අරගල බිමට එකතු වී ගීතයක් ද ගායනා කර තිබුණා. එම සටහන සහ වීඩියෝව පහතින්.

 
"අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා. ආශීර්වාද කරනවා.
 
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
 
2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි.ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක්.
 
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි.හොරකම- දූෂනය - වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුල පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
 
නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා"