අහිංසක වෙන්න ඕනෑ තැන්වල කොහොමත් අහිංසකයි
රංගන ක්ෂේත්රයේ පියවරෙන් පියවර ගමනක් යමින් අද වන විට ප්‍රේක්ෂක ආදරය ලබාගනිමින් ඉදිරියෙන් සිටින නවක රංගන ශිල්පිනියක් වෙනුවෙන් පුංචි කතාබහක් කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩමක් වෙන් කළා. මේ නිපුනි සමරක්කොඩි
මේ දිනවල දායක වෙලා ඉන්න නිර්මාණ ගැන මුලින්ම කතා කරමුද ?
මේ දිනවල මම රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නෙ දෙරණ නාලිකාවේ විකාශය වන ‘‘රාජිණි’’ ටෙලි නිර්මාණය වෙනුවෙන්. ඒ තුළ මම නෙත්මි කියන චරිතයට තමයි පණ පොවන්නේ. ඉතින් මේ චරිත රංගනය වෙනුවෙන් අද වෙද්දී යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිචාරත් ලැබෙමින් පවතිනවා.
අයහපත් ප්‍රතිචාර ලැබෙන්න හේතුව මොකද්ද?
අයහපත් ප්‍රතිචාර ලැබෙන්නෙ ඉතින් මේ චරිත රංගනය තුළ වැඩිපුරම තියෙන්නෙ දුෂ්ටකම්. දුෂ්ට පෙම්වතියක් නෙත්මි. ඒ නිසා ගොඩක් දෙනෙක් ඒ චරිතෙට බනිනවා. ඇත්තටම මේ චරිත රංගනය මුල දී මටත් ටිකක් අභියෝගයක් වුණා. මොකද සැබෑ ජීවිතේ මම එහෙම නපුරු කෙනෙක් නෙමෙයි. සැබෑ ජීවිතේ මේ චරිතය වගේ මට දඟකාර, කටකාරකම් නම් තියෙනවා. නමුත් නපුරුකම් නම් නැහැ.
නපුරු නැත්නම් අහිංසක ද?
මෙහෙමයි, ඉතින් නපුරු වෙන්න ඕන තැන්වල නපුරු නොවෙනවාමත් නෙමෙයි. අහිංසක වෙන්න ඕනෑ තැන්වල කොහොමත් අහිංසකයි. ජීවිතේ හැමදේම එන විදියට තමයි මුහුණ දෙන්නෙ.
මීට පෙර රංගනයෙන් දායක වුණේ මොන වගේ චරිතද ?
මීට පෙර මම දායක වුණේම ළමා චරිත රංගනයන්වලට. රාජිණි තුළත් මුලින්ම තිබුණෙ පාසල් චරිත රංගනයක්.
ඒ තුළින් ආරම්භ කරපු මේ චරිතය අද වෙද්දී පාසල් ගිහින් අවසන් වෙලා තියෙනවා. ඒ අවසානයත් එක්ක තමයි දුෂ්ට පෙම්වතියකගේ චරිතය දක්වා දිවුණේ.
මීට පෙර පාසල් චරිත රංගනයන්වලට යෙදුණා නම් කලා ක්ෂේත්රයට එකතු වුණේ ළමා රංගන ශිල්පිනියක් විදියට ද?
ඔව්. මම පාසල් යන කාලේ ඉඳලම තමයි මේ ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. මුලින්ම රංගනයට අවතීර්ණ වෙද්දී මට අවුරුදු 15යි. මගේ මුල්ම රංගනය තමයි සමීර හසුන් අධ්යක්ෂවරයාගේ මීදුම අම්මා’’ හි රංගන දායකත්වය. ඉන්පසුව නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. පසුව තමයි තිළිණ බොරළැස්ස අධ්‍යක්ෂණය කරන අනෝමා මහත්මිය පිටපත් රචනයෙන් සම්බන්ධ වන ‘‘රාජිණි’’ වෙනුවෙන් සම්බන්ධ වෙන්නෙ. මේ චරිත රංගනය හරහා තමයි මට ප්‍රේක්ෂක ආදරය වැඩිපුර ලබාගන්න හැකි වුණේ සහ කතාබහට ලක්වුණේ නිපුනි සමරක්කොඩි කියලා රංගන ශිල්පිනියක් ගැන.
මේ ක්ෂේත්රයට එන්න හිතුවෙ ඇයි ?
ඇත්තටම කලාව කියන දේට මම පුංචි කාලේ ඉඳන්ම හරිම ආසයි. ඒ නිසාම මම පාසලෙත් ඒ කාලේ පටන්ම රංගනය හැදෑරුවා. නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හැදෑරුවා. ඒ වගේම පාසලේ වේදිකාව තුළ රංගනයෙන් දායක වුණා. පාසල් වේදිකාව තුළින්ම තමයි රංගනය තුළ අද මේ වගේ දුර ගමනක් ඇවිල්ලා ඉන්නෙත්. එක වතාවක පාසලේ රංගන කටයුත්තක නිරතවෙලා හිටියා පාසලේ උත්සව අවස්ථාවක. ඒ උත්සවයට කලා ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් ආවා. ඒ ආරාධිත අමුත්තෙක් විදියට අසිත කුමාර මහත්තයා. ඔහු තමයි එදා දවසෙ වේදිකාව තුළ මගේ යම් රංගන හැකියාවක් දැකලා මට කලා ක්ෂේත්රයට එන්න අවස්ථාවක් ලබා දෙන්නෙ. ඔහුගේ ඒ සහයෝගයෙන් තමයි මගේ මුල්ම රංගනය වුණු ‘‘මීදුම් අම්මා’’ ටෙලි නිර්මාණයට මුලින්ම සම්බන්ධ වෙන්නෙ.
මම පාසල් ගියේ ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයට. එදා ඒ පාසල් වේදිකාවෙන් ලබාගත් පන්නරය තුළින් තමයි කලාව තුළ මට යම් ගමනක් යන්න ලැබුණෙ. පාසල් වේදිකාව තුළ මම රංගනයෙන් පමණක් නෙමෙයි, නර්ථනයෙනුත් සම්බන්ධ වුණා. ඒ හරහා කණ්ඩායම් වශයෙන් පාසල් මට්ටමින් ජයග්‍රහණ පවා පාසලට අරගෙන දීලා තියෙනවා. ඒ වගේම පාසලේ හැම උත්සව අවස්ථාවකදීම වගේ රංගනයෙන්, නර්ථනයෙන් දායක වුණා. කලාවට යම් දක්ෂතාවක් තිබුණ නිසාම තමයි ඒ පැත්තට වැඩි නැඹුරුවක් දැක්වුවේ.
ගම්පහ යශෝධරාවෙ යාළුවො නිපුනිගේ රංගනයන් දැකලා දක්වන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තටම ගොඩක් හොඳයි. දැන් වැඩිපුර මුණ ගැහුණෙ නැතත් දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ, Fb හරහා වගේ හොඳ ප්‍රතිචාර දක්වනවා. ගොඩක් හොඳයි. හොඳට රඟපානවා කියලා එහෙම කියනවා. ඉතින් හරි සතුටුයි ඒ වගේ ප්‍රතිචාර දක්වද්දී.
රංගන ශිල්පිනියක් විදියට අද ඇවිල්ලා ඉන්න ගමන ගැන මොකද හිතෙන්නෙ ?
ඇත්තටම සතුටුයි. මේ මගේ ජීවිතේ හීනයක් සැබෑවීමක්. මොකද මම කලාවට හරිම කැමතියි, වගේම ආදරෙයි. ඉතින් ඒ කැමැත්ත නිසාම ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ලැබිලත් මේ වෙද්දී අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 පුරාවට හිමින් පුංචි චරිත රංගනයන්වල යෙදෙමින් පියවරෙන් පියවර ඉදිරියට ආවෙ. ඒ ආපු ගමන් මගේ අද වෙද්දී මට ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා. කොහේ ගියත් දෙතුන් දෙනෙක් හෝ මාව හඳුනාගෙන ප්‍රතිචාර දක්වනවා. ඒ දක්වන ප්‍රතිචාර, ආශිර්වාදයන්, ආදරය ඇත්තටම වෙන කිසිම දෙයකින් ගන්න බැහැ. ඒ සතුට මුළු හදවතින්ම මම අද විඳිනවා. ඒ ගැන මාරම සතුටුයි.
නිපුනිගෙ වෘත්තිය දැන් කලාවද?
ඇත්තටම නැහැ. කලාව වෘත්තිය කරගෙන අද ජීවත් වෙන්න හරි අමාරු තත්ත්වයක් තියෙන්නෙ. විශේෂයෙන්ම මගේ තාත්තා මුලින්ම කැමති වුණේ නැහැ කලාවට එනවට. තාත්තට ඕන වුණේ රජයේ රැකියාවක් කරනවට. ඉතින් තාත්තගේ ඒ කැමැත්තට අනුව මම රැකියාවක නිරත වෙනවා. ඒ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක වශයෙන් ශල්‍යාගාරයේ. ඒ රැකියාවත් කරගෙන කලාව කරගෙන යන්නෙ විනෝදාංශයක් විදියට. ඉතින් මේ දෙකම සමබරව කරගෙන යන්න මට ලොකු ශක්තියක් ලබා දෙනවා මගේ ආයතනයේ ප්‍රධානියා. ඒ වගේම මගේ අම්මා, තාත්තාත් ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මගේ ගෙදර ඉන්නෙ මමයි අක්කයි විතරයි. අක්කා නම් දැන් විවාහකයි. ඇයත් මගෙ ගමනට ශක්තියක් වෙලා හිටියා. ඒ සියලු දෙනා විශේෂයෙන් සඳහන් කරන්න ඕන.
ඉදිරි නිර්මාණ කටයුතු කොහොම ද?
ඉදිරියේදීත් රාජිනි තුළින් තමයි දකින්න ඉන්නෙ. ඊට අමතරව ඉදිරියේ දී එන්න තියෙනවා. මනෝජ් කරුණාරත්න අධ්යක්ෂවරයාගේ ටෙලි නිර්මාණයක් ඒ ‘‘නෙළුනි’’. ඒ තුළ මම අංජලී කියලා චරිත රංගනයක් කරන්නෙ. ඒ නිර්මාණය ඉතා නුදුරේදීම විකාශය වෙයි. දැනට මේ නිර්මානවල විතරයි සම්බන්ධවෙලා ඉන්නේ. ඉදිරියේදීත් විවිධාකාර චරිත රංගනයන් තුළින් නිර්මාණ එක්ක එකතු වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව තියෙන්නෙ. ඒ ගමන හිමින් පියවරෙන් පියවර ලස්සන ගමනක් යන්න තමයි කැමති. ඇත්තටම මට අද රංගන ශිල්පිනියක් විදියට මේ විදියට ආදරය ප්‍රතිචාර ලබාගන්න හැකි වුණේ ‘‘රාජිණි’’ නිර්මාණයට සම්බන්ධ එහි අධ්යක්ෂවරයා තිළිණ බොරළැස්ස මහත්තයා සහ තිර පිටපත් රචිකා අනෝමා මහත්මිය, ප්‍රදීප් මානවඩු මහත්මය සහ දෙරණ නාළිකාවෙ සුබෝධනී අක්කා ඇතුළු ඒ කණ්ඩායමේ හැම දෙනාගේම සහයෝගය නිසා. ඒ හැමදෙනාටම ස්තුති වන්ත වෙන්න ඕනෑ හදවතින්ම මොකද ඔවුන්ගේ ශක්තිය මත තමයි මම අද මේ තැන ඉන්නෙ. මේ ප්‍රතිචාර ලබන්නෙ. ඒ වගේම මීට පෙර සඳහන් කළා වගේ අම්මගේ ශක්තියත් උපරිමව තියෙනවා. මුලදී මම රූගත කිරීම්වලට පවා සම්බන්ධ වුණේ අම්මා එක්ක. නමුත් දැන් මම විවාහ වෙන්න ඉන්න මගේ පෙම්වතා එක්ක තමයි ඒ දේවල්වලට සම්බන්ධ වෙන්නෙ. ඔහුගේ ශක්තියත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනෑ. නෙතින් මේ හැම දෙනාගෙම ආදරය, ප්‍රතිචාර, ශක්තිය එක්ක කලා ක්ෂේත්රයේ හොඳ ගමනක් යාම තමයි එකම අරමුණ.
ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්