අවුරුදු 5කට පස්සෙ ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදු කරමින් අජිත් මුතුකුමාරණ කරළියට
අජිත් මුතුකුමාරණ කියන්නෙ 90 දශකයේ සහ 2000 වර්ෂයෙන් පස්සෙ කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු කැසට් ලෝකේ රජ්ජුරුවෝ කිව්වොත් හරි. ඔහු විසින් නිකුත් කළ "සුදු අරලියා මල" කැසට් පටය ආදායම් වාර්තා තබමින් අලෙවි වූ අතර, අදටත් එම වාර්තාව එලෙසම යි. එසේ යුගයක් වසඟයට ගත්ත අජිත් ගීත එක්දහස් ගණනක් ගායනා කර ඇති අතර, "සකුරා රේන්ජ්" නමින් දකුණු රට සුප්‍රසිද්ධ වූ සංගීත කණ්ඩායමේ නියමුවා වූයේ ද ඔහු යි.
කෙසේ වෙතත්, කාලයත් සමඟ අජිත්ගේ පෞද්ගලික ජීවිතේ යම් යම් හැලහැප්පීම් එක්ක මේ සංගීත කණ්ඩායමත් කාලයක් දකින්න ලැබුණේ නැහැ. හැබැයි ඔන්න බොහෝම ඉක්මණින් සංගීත කණ්ඩායමේ කටයුතු ළඟදීම දවසක පටන් ගන්නවලූ. ඒ වගේම සංගීත කණ්ඩායමත් එක්ක අජිත් මේ විදිහට වේදිකාවට නඟින්නෙ අවුරුදු 5කට පස්සෙ වීමත් විශේෂත්වයක්. පසුගිය දවසක මේ "පුනරුප්පත්තිය" ගැන අජිත් මුතුකුමාරණ, අසංග සමඟ සාකච්ඡාවක් කර තිබුණා. එම සාකච්ඡාවෙන් කොටසක් පහතින් බලන්න..
අජිත්ට මොකද වුණේ?
කලාව එක්ක මම ජීවත් වුණේ. කලාව නැවැත්තුවේ නෑ. තාවකාලිකව මම හුස්ම ගත්තා. දැන් වැඩෙට සන්නද්ධ වෙලා ඉන්නේ.
කොහොම ද සකුරා ආරම්භය?
1993 බෑන්ඩ් එකේ පටන් ගන්නෙ. දික්වැල්ලෙ තිබ්බෙ පළවෙනි ශෝ එක. දැන් මම කොළඹ නැවතිලා ඉන්නෙ. ඉඩක් තිබුණා කොළඹ එන්න. සකුරා රේන්ජ් බෑන්ඩ් එකේ ගොඩක් අය වෙනත් බෑන්ඩ් වල ඉන්නවා අද වෙනකොට.
ඒ දවස්වල අජිත් ලොකු කණ්නාඩි දාන කෙනෙක් නේද?
රට ගිය වෙලාවෙ මම ඔපරේශන් එකක් කළා. අම්මා අසනීප වෙලා තියනවා පොඩි කාලේ.. ඒකෙන් තමයි සයිඩ් ඉෆෙට් එකක් විදිහට ඒ නොපෙනීම ආවේ. අවුරුදු ගාණක් මම විදෙස්ගත වෙලා, ඒ ඔපරේෂන් එක කළාට පස්සෙ කණ්ණාඩි දෙක අයින් කළා.
ගෑනූ ළමයින්ගෙ සිහින කුමාරයෙක් වෙලා හිටියා අජිත්?
මගේ ගීත සරලයි. අපි බස්වල යනවා ඕන තරම්. අපි හැමෝම ජීවත් වෙන්නෙ වෙනම ලෝකෙක. අපි විඳින සහ විඳවන තැන් තියනවා අපේ ජීවිතේ... ඒ සිදුවීම් වල තියෙන්නෙ සත්‍ය ඒවා. පාසල් බිමේ. බත් දෙකක් ඉව්වේ... අපි ඒවා කතා කරලනෙ ලියන්න. සිංදු එක්දාස් දෙසීයක හිමිකරුවෙක් මම. එක්කෙනෙක්ට හරි තමන්ගේ සිදුවීමක් ඔතන තියනවා. මගේ ජනප්‍රියත්වය තියෙන්නෙ මගේ අතේමයි.. මොන දේ උනත් මගේ මගේ ප්රේක්ෂකයො මාව අතෑරියේ නෑ.
එ කාලේ ලියුම් නේ ආවේ??
තාම එනවා.. දැන් එන්නෙ මැසේජ්.. හැමවෙලෙම කාර්යබහුල වෙනවා. එයාලට ස්තුතියි.. එයාලගේ කරමතින් මම ආවේ. එදා තිබ්බ ස්ටේජ් එක අදත් මට තියනවා. අවුරුදු පහක් මගේ සිංදු ඇහුන් නෑනේ. අලුත්ම බෑන්ඩ් එකේ කොළඹ එක මල්ලි කෙනයි ඉන්නෙ. ඔක්කොම දකුණෙන් ගත්තෙ. එයාලාගේ අනාගතේ මගේ අතේ තියෙන්නෙ. අවුරුදු පහක් මම ස්ටේජ් නැග්ගා. මම එදා ඉඳන් බෑන්ඩ් ගහන්න ආසයි.. යම් යම් කාලවල්වලදි යම් යම් ඝට්ටන සිදුවුණා. එතකොට හොඳම දේ නිහඬ වීම. නොගැළපීමක් තියෙන තැන හොඳම දේ ඉවත් වීම. අඩියක් පස්සෙ ගත්ත තැන සමහර වෙලාවට වාසියක් වෙනවා.. මම දැන් අමාරු තැනක නෙවේ ඉන්නේ..
මම වැඩියෙන්ම ආදරේ කළේ මගේ අම්මට. මුල්ම ගිටාර් එක රුපියල් එක්දාස් දෙසීයයි. අම්මා හොරාට දෙනවා සල්ලි.. එතකොට මේ කාලේ වගේ නම් ඒ මුදල තිස් දාහක් විතර වෙනවා. ඒ සල්ලි අරන් ගිය කෙනා අතුරුදහන් වුණා. ගිටාර් එකත් නෑ, සල්ලිත් නෑ... අම්මා ඒකට අවුල් වුණා. එයා එයි කියලා අම්මා අවුරුද්දක් විතර බැලුවා. අවුරුදු ගාණකට පස්සෙ මම ශෝ එකක් ගහනකොට එයා අඬ අඬ කතා කළා. මම කොළඹ ඉද්දි ලොකු අමාරුවක වැටුණා කියලා. මම කිසි කෙනෙක් තරහා නෑ. ජීවිතේ කොච්චර දේවල් වුණාද.. පස්සෙ මම ගිටාර් එකක් හොයාගත්තා.
අජිත්ට අත දුන්න නීල් අයියා?
නීල් අයියා සිංදු ටික බලන් එන්න ප්ලේකරන්න කිව්වා. නීල් අයිය එදා ගැලව්ව ගිටාර් එක අද ලංකාවම මට ගලවනවා. අදටත් මම වඳිනවා නීල් අයියට. සුනිල් අයියට.