අවංකවම මං අම්මා කෙනෙක් වෙනවට කැමති මිනිස්සුත් හිටියා. දොස් කියපු අයත් හිටියා
පුංචි තිරයත්, රිදී තිරයත් ඉන් එහා වේදිකාවත් තමන්ට නතු කරගත්ත කවුරුත් දැන අඳුනන අතිදක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන කියන්නෙ. දුලීකා ගැන පසුගිය දවසක ලොකු කතාබහක් ඇතිවුණේ ඇයට 'දරුවෙක් ලැබෙන්න ඉන්නවා' කියන කතාවත් එක්ක. කොහොම වුණත්, ඇයට ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලයි හුඟක් අය හිතුවේ. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි.
ඇය ඒ ගැන සම්පූර්ණ විස්තරයක් යූටියුබ් නාලිකාවක් සමඟ මේ විදිහට කියලා තිබුණා.
"මම එදා ව්‍යංගයෙන් ළමෙක් හම්බෙනවා කිව්වා. උප්පැන්න දෙන්න හදිස්සි වෙන්න එපා කියලත් කිව්වා... ඒ මම හිතන්නෙ කැම්පේන් කරද්දි එහෙමයි. ලෝරන්ස්ගේ මනමාලි කරද්දි ඔන්න මගේ මංගල්ලෙ තියනවා, ලයනල් වෙන්ටර් තියටර් එකට එන්න, කියලා දැම්මා. හැමෝම දන්නවා ලයනල් එකට එන්න කිව්වම වෙඩින් එකක් නෙවෙයි, නාට්‍යයක් කියලා. ඒක තමයි නිර්මාණකරනයේ ස්භාවය.. ඇත්තටම අවංකවම අම්මා කෙනෙක් වෙනවට කැමති මිනිස්සුත් හිටියා. තේරුම් ගන්න බැරිවුණු මිනිස්සුත් හිටියා. මේක මගේ දෙවනි දරුවා. නිර්මාණකරුවෙකුට නිර්මාණයක් අලුතින් බිහි කරනවා කියන්නෙම දරුවෙක් බිහි කරනවා වගේ. අපි අපේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් මේක කරන්නෙ. මේ නිර්මාණය අරගලය පිටුපස නිර්මාණයක්... පොලිටිකල් කොමඩි එකක් හැටියට ගේන්න පුලුවන්.."