අලුත් වැඩක් නිසා මම මේ දවස්වල GYM යන්නේ නැහැ
සිනමාවේ හා පුංචි තිරේ නිතර දකින කඩවසම් නළුවෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. නිරන්තරයෙන්ම තරුණ ආකාර්ශණය දිනාගන්නා තරුණ නළුවෙකුද වන ඉසුරුට කඩවසම් සිරුරක්ද පිහිටා තිබේ. මේ තරම් කඩවසම් වූ ඉසුරු තමන්ගේ සිරුරේ හැඩ කරගත් හැටි අපිට කිව්වේ මේ විදිහට.
ඇත්තටම මම නළුවෙක් වෙන්න කියලා හිතාගෙන මගේ ඇග හදා ගත්තේ නැහැ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලේ මම පාසලේ ක්‍රීඩා කණ්ඩායමේ හිටියා. පාසලෙන් ඉවත් වෙලා පස්සේ රැකියාවක් කරන්න හිතාගෙන මම හමුදාවට බැදුනා. මේ අවස්ථා දෙකේදීම ඉතින් මට මගේ ඇගේ ශක්තිය, හැඩය වගේම බර පවත්වාගෙන යන්න කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙන්න සිද්ධ වුණා.
දැන් මම රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරනවා. ඉතින් නළුවෙකුට ආභාරණයක් තමයි තමන්ගේ ශරිරය ලස්සනට තියාගන්න එක. ඒ වගේම තමයි කරන නිර්මාණවලට ගැළපෙන විදිහට තමන්ගේ ශරිරය වෙනස් කරගන්න එක. ලංකාවේ මේ තත්ත්වය ලොකුවට නැතිවුණත් හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුවන් ගත්තොත් මේ දේවල්වලට ඔවුන් නිතරම යොමු වෙනවා දකින්න පුළුවන්.
මම එහෙම දැකපු කෙනෙක් තමයි අමිර් ඛාන්. අමිර් ගජිනි චිත්‍රපටය වෙනුවෙන් තමන්ගේ ඇඟ හදාගත්තා. ඊට පස්සේ ඔහු රඟපෑ දංගල් චිත්‍රපටයෙත් එහෙමයි. චිත්‍රපටයේ මුලදි ඔහු හොඳ කඩවසම් හැඩි දැඩි තරුණයෙක්. නමුත්, චිත්‍රපටයේ මැද හා අගභාගයේදී ඔහු වයසින් මුහුකුරා ගිය තරමක් තරබාරු පුද්ගලයෙක් විදිහට රඟපානවා. සල්මාන් ඛාන් අපි දන්න කාලේ ඉඳලා තමන්ගේ ඇඟ ගැන හිතපු නළුවෙක්. අදටත් වයසට ගිය පෙනුමක් නැති සංජේ දත්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් පවා තමන්ගේ ශරිරය හොඳින් හැඩට පවත්වාගෙන යනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් මේ වෙනුවෙන් වැය කරන මුදල අපිට හිතාගන්නවත් බැහැ.
මේ දිනවල නම් මම කායවර්ධන ව්‍යායාම් කටයුතු සිදු කරන්නේ නැහැ. මොකද, ඉදිරියට මම රඟපාන චරිතයක් වෙනුවෙන් ඇඟ අඩු කරගන්න සිදුවෙලා තියෙන හින්දා. නැත්නම් මම සතියකට දින තුනක් හෝ හතරක් අඩුම පැය දෙකක් තුනක් කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. තලවතුගොඩ තියෙන ස්කයි ෆිට්, අතුරුගිරියේ තියෙන ලේජන්ඩ් සූන්, මාදිවෙල තියෙන ඇරෝවින් ෆිට්නස් කියන ස්ථාන තුනේම මම කායවර්ධන ව්‍යායාම් කටයුතු සිදු කරනවා. ලංකාවේ මගේ කායවර්ධන පුහුණුකරු විදිහට ඉන්නේ මිදන්ත හර්ෂනාත්. ඒ වගේ ඔන්ලයින් මට උපදෙස් දෙන්නේ ඉතාලියේ ඉන්න උදය රත්නායක.
මම හැම වෙලාවෙම කෑම පාලනය කරන කෙනෙක්. පිටි කිරි බොන්නේ නැහැ. නැවුම් කිරි, කොෆි, පළතුරු බීම වගේ දේවල් තමයි නිතරම බොන්නේ. තුන් වෙලටම බත් කනවා. මස් මාළු බිත්තර වගේ දේවලුත් ටිකක් වැඩිපුර කනවා. මොකද, ගොඩක් ප්‍රෝටින් තියෙන්නේ මේ කෑමවල නිසා. හැබැයි ඉතින් දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ වගේ කෑම කන්න අපිටත් බැහැ. අනිත් කාරණය තමයි අවම දවසට පැය අටක්වත් නිදාගන්න ඕනා. කලා කටයුතුත් එක්ක මට කරන්නම බැරි දෙයක් තමයි නියමිත පැය ගාණට නිදාගන්න බැරි එක.
තව දෙයක් කියන්නම අවශ්‍යයි. මේ මොන දේ කරත් තමන් ලස්සනට හොඳ ශරිර සෞඛයෙන් ඉන්න නම් හිනවෙලා සතුටින් ඉන්න ඕනා. නිතරම ප්‍රශ්නවලින් ඔලුව අවුල් කරගත්තොත් මේ මොන දෙයක් කළත් වැඩක් නැහැ. අනිත් අය සමග සුහදශිලිව කටයුතු කිරිම තමන්ට තියෙන දෙයක් අනුන්ටත් දිලා ඔවුන්වත් සතුටු කරන්න පුළුවන් නම් ඒක ලොකු ආත්ම තෘප්තියකි. මම විශ්වාස කරනවා අන්න ඒ දේවල්වලිනුත් තමන්ට හොද නිරෝගි ශරිර සෞඛ්‍යක් ලබන්න පුළුවන් කියලා.
බුද්ධික සේනාධීර