අලුත් වැඩ ගොඩකට සැරසෙන කවී, දනිඳුව තුරුලුකරන් කී කතාව මෙන්න
දෙන්නා විවාහ වෙලා තාමත් වැඩි කාලයක් ගත වෙලා නෑ. කොහොම වුණත් ලස්සන ආදර කතාව කොටස්කරුවෙක් වෙන්න මග බලාගෙන හිටපු කවිට අද වෙනකොට ඒ අවස්ථාව හිමිවෙලා. වෙනදටත් වඩා සතුටින් සැහැල්ලුවෙන් කවී එයාගෙ ජීවිතේ ගෙනියන්න ඒක නිසා දැන් පුළුවන් වෙලා. ඉතින් දනිදු කියන්නේ ඇගේ ජීවිතේ දුකේදී සැපේදී ළඟින්ම ඉන්න ලොකුම ශක්තිය.
මේ දෙන්න දෙන්නා විවාහ වෙලා තාමත් එතරම් කාලයක් ගත නොවුනත් කවිගේ හැම වැඩකටම වගේ ඔහුගෙන් ලැබෙන සහයෝගය නම් ඇත්තටම කවීට ලොකු හයියක්. ඉතින් අතුල - සමිත ආදරණීය යුවලගේ දියණිය , කාවින්ද්‍යා අධිකාරි සංගීතය පැත්තෙනුත් මේ දවස්වල ගොඩක් වෙනස් විදියේ අලුත් වැඩ කිහිපයක් කරගෙන යන බව පේන්න තියෙනවා.
ඉතින් ඇයට ඉස්සර තිබුණට වඩා ශක්තියක් ළඟින්ම ඉන්න එක මේ වැඩ සාර්ථකව කරගන්න අනිවාර්යයෙන්ම හේතුවක් වෙන්න ඇති.