අලුත් පෙම්වත් පුවත ලෝකයට අනාවරණය කළ නර්මදා යාපා කියූ සංවේදී කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපවාහිනි නිවේදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන ඇය ඊයේ දවසේ ඇගේ අලුත්ම පෙම්වත් කතා ප්‍රවෘත්තිය මුල්වරට හෙළි කළා.

ඒ වගේම ඇය ඇගේ පෙම්වතාගේ ඡායාරූප ඇතුළත් ටික්ටොක් වීඩියෝවකුත් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා. මේ තියෙන්නෙ ඇය  සමාජ මාධ්‍යයෙහි පළ කළ සටහනක්.

මා හැර ගිය මිනිසුන් බොහෝය.මා රිදවා සතුටු උන මිනිසුන් බොහෝය. නමුත් කිසිම දිනක ඔවුනට වෛර කරන්නට තරම් සිතක් මට නොතිබුණි, මන්ද තැලෙන යකඩය දිනෙන් දින මූවහත් වි ශක්තිමත් වූ පසු රිදෙන්නේ තලපු අයට මිස මට නොවන බව මා දැන සිටි බැවිනි,ඇඟට වැටුණු හැම ජරාවක් ම පොහොර කරගත්තු ගස් තමයි දවසක රූස්ස ගස් වන්නේ. ජීවිතේට එන හැම ප්‍රශ්නයක්ම අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන මිනිස්සු තමයි දවසක වට්ටන්න බැරි, මිනිස්සු වන්නේ ෆෙල් වෙනකොට අත්නොහැර ප්ලෑන් එක වෙනස් කරලා ආයෙත් පටන් ගන්න,මට ශක්තිය තිබුනි. මිනිසුන් ගල් ගහන්නේ වට්ටන්න පුළුවන් සීමාවෙදි පමණයි.එම සීමාව පසුකර ඉහලට ගිය විටදී ගල් ගැසූ හැමෝම නරඹන්නන් බවට පත් වනු ඇත.එම නිසා නිහඬව මගේ ඉලක්කය කරා යෑමට ඉතා දුෂ්කර වෙහෙසකර කාලයක් පසු කිරීමට සිදු වුනි. දැන් එය අවසන්ය.සිනාසුණු කිසිවෙක් සමග තරහක් හො වෛරයක් නැත,නැති වූ කිසි දෙයක් ගැන දුකක් නැත, එහෙත් මිනිසුන්ගේ වෙනස් වීම ගැන ඇත්තේ පුදුමයකි.