අලුත් අවුරුදු දා චූලක්ෂි කළ උතුම් කටයුත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත් අවුරුද්දක් ලැබුවත් ඒ ගැන කාටවත් හරි හැටි සතුටක් නැති ගාණයි. සමාජ මාධ්‍යයේ හමුවන ගොඩක් සටහන්වල තිබුණෙ ඒ විදියෙ තේරුම්. සතුටු වෙනවා වෙනුවට ගොඩක් අය අවුරුදු දවස කැප කරලා තිබුණෙ තවත් කෙනෙක්ගේ සිනහව වෙනුවෙන්. ජනප්‍රිය රංගන ශිල්පිනී චූලක්ෂිත් එහෙම උතුම් කටයුත්තක් වෙනුවෙන් අවුරුදු දවස කැපකරලා තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇය තබා තිබූ සටහනයි.

හැමදාම වගේ අවුරුද්දට ගමේ යන මම , පවුලේ අයත් එක්ක මේ අප්‍රේල් 14 ඒ සතුටු වීම් පැත්තකින් තියලා අපේ රටේ මේ වෙනකොට කුසට හරිහමන් ආහාරයක් නැති පුංචි එවුන් වෙනුවෙන් මට පුලුවන් විදිහට උන්ගෙ බඩගින්න නිවන්න ඒ දවස කැපකළා. අරගලයත් එක්ක ම්නිස්සු වෙනුවෙන් අපිට කරන්න තියෙන හොඳම දේ ඒක. ඉතින් කැවුම්, කොකිස් කිරිබත් හැමෝටම කන්න පුලුවන් 2023 වසරක් වෙනුවෙන් අධිෂ්ඨානයෙන් අඛණ්ඩව කැපවෙමු.
 
ජනතා අරගලයට ජය වේවා ! ජනතා අරගලයට සැබෑ වටිනාකමක් හිමි වන තීරණාත්මක වසරක් වේවා !  
ජාතිවාදයක් නැති, ආගම් වාදයක් නැති, පක්ෂ පාඨ භේදයක් නැති තාරුණ්‍යයේ ආදර අරගලය ජයග්‍රහණයෙන් නිමවෙන,
ශ්‍රී ලාංකික අපි හැමෝටම සතුටෙන්, ආදරයෙන් එකා වගේ ජීවත් විය හැකි, සුභම සුභ නව වසරක් වේවා..
 

wishing you and your family  a happy and prosperous new year!