අරගලයට ජයවේවා - රොඩ්නි වර්ණකුළත් අරගල බිමට
අවුරුදු 74ක සිට මෙරට ජනතාව අතර එකාට එකා නැති කර වරද සිදු කළේ මේ රට පාලනය කරන ඇත්තවුන් ලෙස සැලකෙන දේශපාලනඥයින් බව ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුළ පවසනවා. ඊයේ පස්වරුවේ ගාලු මුවදොර අරගලයට එක්වෙමිනුයි රොඩ්නි මේ බව කියා සිටියේ.
රට පාලනය කරන ඇත්තවුන් දැනුමෙන් සහ ජනතාවට මානවහිතවාදී ව සලකන හෙයින් ඔවුන් හට නියම දේශපාලනඥයින් කිව හැකි වුව ද, මෙරට පාලනය කරන්නවුන්ට පැවසිය හැක්කේ දේශපාලුවන් ලෙස බව ද හෙතෙම පැවසුවා.
මෙම අරගලයට හදවතින් ම ජය පැතූ රොඩ්නි ප්‍රකාශ කළේ, අරගලය ජය ගැනීමට මේ එකාට එකා බැදුණු බැඳීම කිසිදු ලෙසකින් බිඳ දැමීමට කටයුතු නොකළ යුතු බවයි. ඒ වගේම ඊයේ රාත්‍රියෙහි පැවැත්වූ යාගයටද ඔහු සහභාගී වී තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ඔහු අරගල බිමට පැමිණි මොහොත දැක්වෙන වීඩියෝපටයයි.