අරගලයේ ක්‍රියාකාරී චරිතයක් වන, දමිතා කියන කතාව
දමිතා අබේරත්න යනු ආරම්භයේ පටන්ම අරගලයේ නියුතුව සිටි රංගන ශිල්පිනියක්. ඇය අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසයි කටයුතු කරන්නේ. ඇය සිය සමාජ මාධ්‍යය ගිණුම් හරහාද අරගලයේ නියුතු වනු දැකිය හැකියි..
මේ සටහනත් ඇය එලෙස තබා තිබූ එක් සටහනක්.
"අරගලය පටන් ගත්තා පමණි. දවස් ගණනක් දූෂණයට, විනාශයට සහ හොරා කෑමට විරුද්ධව සටන් කළෙමි. අපේම සහෝදරවරුන් වෙනුවෙන් ගිණියම්වූ අව්වේ වගේම මහ වරුසා මැද මා ඉපදුනු පුන්‍යභූමිය වෙනුවෙන් අවන්කව සටන් කළෙමි. කෙනෙක් මට පැත්තකට වන්නට යැයි කීවේය. තවකෙක් මම සල්ලි ගන්නවා යැයි කීවේය. තව කෙනෙක් මම ණයට කහිනවා යැයි කීවේය.
ඒ අතර තවත් අය මට යුගයේ යකඩ ගැහැණිය යැයි කීවේය, තනිවම අරගල කරණ රංගණ ශිල්පිනිය යැයි කීවේය. කෙසේ වෙතත් මේ සියල්ලන්ටම මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මගේ උපන් දේශය වෙනුවෙන් අවන්කව යමක් කරානම් මේ සංසාරයේ මගේ දැන ගෙන කළ වරදක් ඇත්නම් හෝ නොදැන කළ වරදක් ඇත්නම් ඒ වැරදි කමා කරගෙන යහතින් නීරෝගීව ජීවත් වෙන්නට මේ පිනම මට ඇති බව මගේ විශ්වාසයයි. ඉතින් ඔබට තව වාරයක් ස්තූතීයි. අරගලය පටන් ගත්තා පමණි.
දමිතා අබේරත්න"