අරගල බිමේ හදිසියේ මියගිය ශිරාස් එක්ක ජනප්රිය ගායිකා ටීෂා කරපු වැඩේ එළියට ඇවිත්
මීට අවුරුදු 16 කට කලින් රන්වන් රන් මාල පළඳා ගීතය හරහා ලංකාවේ අතිශය ජනප්රියත්වයට පත්වුණ ටීෂා පෙරේරා මේ වනවිට ජීවත්වන්නේ ඇමරිකාවේ. අවුරුදු 14කට පස්සේ ටීෂා ලංකාවට ඇවිත් අලුත් ගීතයක් නිර්මාණය කළා. මේ ගීතය නිර්මාණය කළේ එදා අරගල භූමියේදී ක්රියාකාරී සාමාජිකයකුව සිටියදී අරගල භූමියේදීම මියගිය රැප් ගායක ශිරාස් සමගින්. ඒත් එක්කම මෙහි යුග ගායනය භාචි සුසාන් විසින් සිදුකර තිබීම තවත් සුවිශේෂත්වයක්. ෂෙහාන් ගලහිටියාවගේ පද රචනයෙන් චතුරංග ද සිල්වාගේ සංගීතයෙන් හා තනු නිර්මාණයෙන් කරලියට ආ ‘රහසින් එන්නම්.