අයියගේ ජීවිතේ ලස්සනම දවසට, මල්ලිගෙන් තෑග්ගක් !



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරු පවුල් අතර පැවැත්වුණු විවාහයන් අතර මෑතකදී වඩාත්ම කතාබහට ලක්වුණු විවාහ උත්සවයක් බවට සනුක - වින්ඩි දෙපළගේ විවාහ උත්සවය පත්වුණා. සනුක සහ වින්ඩි දෙන්නම සංගීතය දෝතින් තුරුළු කරගෙන උපන් සැබෑම දක්ෂයින් දෙපළක්නෙ.

දෙන්නගෙ හැකියාව ගැන හොඳටම පැහැදිලි වුණා "අයියෝ සාමි " එක්ක. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම කතාබහට ලක්වන අපූරු නිර්මාණයක් වුණා ඒක. මේ කියන්න යන්නෙත් එහෙම නිර්මාණ කාර්‍යයක් ගැන. හැබැයි මේ කතාවටත් සනුක - වින්ඩි දෙපළ සම්බන්ධ වුණාට නිර්මාණය නම් ඒ දෙන්නගෙ නෙවෙයි.

මේක ඔවුන්ට ලැබුණු ආදරණීය තෑග්ගක්. එහෙම මේ තෑග්ග දෙන්නට ලැබිලා තිබුණේ සනුකගේ මල්ලිගෙන්. සමිත වික්‍රමසිංහගෙන්. අහලම බලන්නකො අයියට වගේම ලස්සන හඬක් මල්ලිටත් තියෙන්නෙ.

"තනිකමක් මට දැනුනෙ නෑ
මෙලොව එළියදුටුදා
ඉරයි හඳයි තරුවයි
මා අසලම සිටියා
මව්පියන් මට දුන් ඒ දායාදය
තරුව ඔබයි
එදත් අදත් හෙටත්
මට මගපෙන්වනා

අයියේ ඔබ බිතුසිතුවමක්
මගෙ ආත්මයේ නොමැකෙනා
අද ඔබෙ මංගල දිනය වෙනා
සැම දෙවි රැකවරණා
සුබ මංගලම් කියා
ආසිරි ගීතයක් ගයා
තරුවට ඈතින් ලඟ හිඳිනා
මල්ලී මමයි-ඔබේ සදා

අයියේ ඇය පෙම්බර හදක්
ඔබෙ දිවියේ සොඳුරිය වෙනා
අලුත් දිවියකට පාතබනා
අද දින ඔබ දෙදෙනා
සුබ මංගලම් කියා
ආසිරි ගීතයක් ගයා
තරුවට සැමදා තනි රකිනා
මල්ලී මමයි-ඔබේ සදා "