අමරිකාවේ ඉන්න සංජීවනී වීරසිංහ, දර්ශන් ගැන රහසක් හෙළිකරයි
දර්ශන් ධර්මරාජ්. සිනමාවේ මෙන්ම පුංචි තිරයේදී ඔහු වීරයෙකි. රඟපාන්න දන්නෙ නැති, රඟපාන වගක් තේරෙන්නෙ නැති නළුවෙක්. ඒත් ඔහු තවදුරටත් නෑ. දර්ශන් පසුගිය දවසක හෘදයාබාාධයක් හේතුවෙන් නොඑන ගමනක් යනවා. ඔහුගේ වියෝව කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ව සංවේදී කරපු එක රහසක් නෙවෙයි. මේ වන විට අමරිකාවේ පදිංචිව සිටින නිළි සංජීවනී වීරසිංහත්, දර්ශන් ගැන ආදරණීය මතකයක් මේ විදිහට සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
තවත් දක්ෂ සොයුරෙකුගේ නික්මයාම ගැන අතීශය දුකින් සටහනක් තබමි. ඔහුට මෙය දකින්නට ,බලන්නට නොහැකි වුනත් මගේ හිතේ දුක නිවාගැනීමේ මගක් ලෙස ඔහුගේත් ,මගේත් සොදුරු මතක සමරමි. අනේ දර්ෂන්....ඔයා සදහටම දිගු නින්දක වැටුනා කියල ආරංචිය ආපුවහම මට අදහගන්නත් බැරිවුනා...බොරු ආරංචි පතුරවන තෝතැන්නක් වන මුහුණු පොතේ ගිය මේ ආරංචියත් බොරු කියල මං හිතහදාගත්තා...ආයෙ ආයෙ දන්න කියන හැමෝම ඔයාට නිවන්සුව පතනකොට තමයි මේ නරකම ආරංචිය ඇත්තක් හැටියට පිළිගන්න වුනේ. මම 2018 වසරේ ඇමරිකාවෙ පදිංචියට එන්න කලින් රඟපෑ අවසන් ටෙලි නාට්‍යයේ ඔයා මා සමග රඟපෑව. රූගතකිරීම් අතර ඉතා කිට්ටුවෙන්, සහෝදරත්වයෙන් ආශ්‍රය කලා. අපි කරපු විහිළු තහළු...රූගත කිරීම් අතරේ සිදුවුන අමතක නොවන සිදුවීම් සියල්ල මට මැවී පෙනෙනවා. Make up දාන වෙලාවට එතනට ඇවිල්ලා " අපෝ මෙයාලට මොන make up ද ,මල්ලී මට ටිකක් වැඩිපුර ගාල සුදු කරල ගන්න " කිය කිය විහිළු කරපු හැටි ....අනේ, අන්තිම දවසෙ SHOOTING ඉවරවෙලා මං වාහනේට නගිනකොට ඔයා දුවගෙන ඇවිත් " ඔන්න රට ගිහින් අපිව අමතක කරන්න එපා හරිද...අපි ආයෙත් දවසක එකට රඟපාමු" කියල කිව්වෙ ආදරෙන් මට සුභපතන ගමන්. අනේ , ඉතිං ඒ ආසාව ඉටු කරගන්න මට බැරිවෙයි . හැබැයි කවදා හෝ දිනෙක අප යලි මුණගැහෙමු.
යන්න දර්ෂන්...ඔබේ අනර්ඝ රංගන කෞශල්‍යයේ මතක සටහන් අපේ හදවත් තුල කිසිදා නොමැකෙන්න සනිටුහන් වෙලා තියෙනවා....
මගේ රංගන සහෝදරයා. ඔයාට ආදරෙන් සමුදෙනවා.