අම්මාගෙයි තාත්තාගෙයි 28 වැනි විවාහ සංවත්සරයට නලින් පෙරේරාගේ සුදු දුව ස්වේතා කැන්ගරු දේශයේ ඉඳලා එවපු
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා ඊයේ ඔහුගේ 28 වැනි විවාහ සංවත්සරය සැමරුවා. 28 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් නලින් පෙරේරා සිය ආදරණීය බිරිඳට අපූරු සටහනක් ලියා ෆේස්බුක් පළ කළ බව හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
මේ දෙපළගේ දියනිය මීට මාස කීපයක් ඉහතදී විවාහ වී විදේශගත වුණා. ඔවුන්ගේ දියණිය ස්වේතා දැන් ඉන්නේ ඇගේ සැමියා සමඟ ඕස්ට්‍රේලියාවේ.
තමන්ගේ අම්මාගෙයි තාත්තාගෙයි විවාහ සංවත්සරයට එතෙර ඉඳලා අපූරු තෑගි කීපයක් එවන්න ස්වේතා අමතක කළේ නැහැ.
ඇගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන වීඩියෝ සහ ඡායාරූප පළ කරලා තිබුණා.