අම්මාගෙයි අප්පච්චිගෙයි ලෝකෙම හැඩ කරපු පුංචි ආරාධනා දෝණිට දැන් අවුරුදු 4ක් ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආරාධනා දෝණි දැන් අම්මා අප්පච්චීට වඩා කාගේත් ආදරය දිනාගත්ත පුංචි සුරංගනාවියක්. ඉතින් ඊයේ පුංචි ආරාධානාගේ 4වන  උපන්දිනය. ඇගේ මේ හුරතලේ නිසා ඇගේ ලෝකයේම අතරමං වෙලා හිටිය අම්මා අප්පච්චී මේ පුංචි දුව නිසා ෛන්නේ ගොඩක් සතුටෙන්. ඉතින් ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් එකතු කරන්නත් චතුරිකා අමතක කරලා තිබුණේ නෑ..

"මගේ පුංචි දෝනි, මගේ ලස්සන සුරංගනාවිය, අද වගේ දවසක තමයි ඔයා මං ලගට ආවේ. එදා ඉදන් අද වෙනකං, ඔයා අපේ ලෝකේ, මොන තරම් නම් ලස්සන කලාද කියනවානම්, අවුරුදු 4ක් ගෙවුනා අපිට දැනුනෙවත් නෑ. ඔයා වගේ හරිම ආදරණීය, හුරතල් ලස්සන සුරංගනාවියක් ලැබුනු මායි අප්පච්චි, හරිම වාසනාවන්තයි. ඔයා තමයි අපේ පණ... අපේ හුස්ම.... අපේ ජීවිතේ... අපේ හැමදේම.... ඔයාට අවුරුදු 4ක් පිරෙන අද දවසේ, මං මගේ රත්තරං බෝනික්කිට, සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරණය , ආශිර්වාදය හා ආරක්ශාව මගේ මැණිකට ලැබෙන්න ඕන. අනාගතේ දවසක, අපේ රටට ජාතියට බරක් නැති, සුන්දර හදවතක් ඇති , ලස්සනම ලස්සන සුරංගනාවියක් වෙන්න ඔයාට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න ඕන. ඒ හැම තැනකදිම, මායි අප්පච්චියි ඔයාගේ පස්සෙන්ම ඉන්නවා. ඔයා මගේ ආයුශත් අරං ජීවත් වෙන්න ඕන මගෙ රත්තරං. ඔයාට බුදු සරණයි. දෙවි පිහිටයි."

පුංචි ආරාධනා සතුටු වෙන විදිහටම එයා ආස කරන උපන්දින සාදයක් කලින්ම සැලසුම් කරලා. පවුලේ හිතවතුන් එක්ක සමරපු ආරාධනාගේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු දසුන් මෙන්න.