අම්මාගේ වියෝවත් එක්ක මගේ මුළු ජීවිතේම කඩා වැටුණා
රංගන ශිල්පිෙයක් ලෙස කලා ක්ෂේත්රයට එක් වෙමින් විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් රනිල් කුලසිංහ පසුගිය කාලය පුරාවටම අපට මුණ ගැහුණේ තරුණ නවක ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු ලෙස ‘‘පානාමංකඩ’, ‘‘වලවෙට්ටුවා’’ ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය තුළින් සිය නිර්මාණ කුසලතාවය විදහා දක්වමින් නිර්මාණකරුවකු ලෙස නව මානයක් සොයා ගිය ඔහුට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් සුවිශේෂයි. කොහොම නමුත් අධ්යක්ෂවරයා කියන භූමිකාවෙන් මිදිලා මේ දිනවල රංගන ශිල්පියාගේ භූමිකාවෙන් මීනු ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකාගාරයට ගොඩවදින රනිල් කුලසිංහ සමග කතා බහ කරන්න සිතුවා.
ඉතින් කොහොම ද මේ දවස්වල වැඩ කටයුතු ?
රටේ පවතින අර්බුදත් එක්ක කලා කටයුතු ඇනහිටලා. කරන්න බලාපොරොත්තුවෙන් හිටපු වැඩ හැම දෙයක්ම කල් දාන්න වෙලා. මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නවා. දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඉදිරියටවත් රටට සෙතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ගෙවෙන කාලයක් මේක.
පසුගිය කාලයේම අධ්‍යක්ෂණය නිසා නළුවාව අමතකම කරලා දාලා හිටියා නේද?
ඇත්තටම අවුරුදු 2 1/2කින් විතර මම රඟපෑවේ නැහැ. ඒ වසර කිහිපයම මම කාලය වෙන් කළේ ටෙලි නාට්‍ය අධ්යක්ෂ වැඩවලට. මීනු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ අවුරුදු දෙක හමාරකට පස්සේ.
කාලෙකට පස්සේ කැමරාව ඉදිරියේ ඔබව දකින්නේ මීනු ටෙලිනාට්‍යයේ. රුසිරුට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තටම රුසිරු කියන්නේ වෛද්‍යවරයෙක්. මම කාලෙකට පස්සේ ලැබුණු හරිම ලස්සන චරිතයක්. ඒ වගේම ගයනි ලස්සනට ඒ චරිත ගොඩනගලා තියෙනවා. කාන්තාවක් ස්වාමියාගේ වැරැදිවලින් තනි වුණාට පස්සේ එන මානසික පීඩාවන්ට ප්‍රතිකාර ගන්න ඇවිත් තමයි අසේකා රුසිරුට මුණ ගැහෙන්නේ. ඇත්තටම ශලනි සහ මේනක එක්ක වැඩ කරන්න ලැබුණේ ලොකු කාලෙකින්. ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබීමත් ලොකු සතුටක්. ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනෙක් ටෙලි නාට්‍ය නරඹනවා කියලා දැනෙනවා. මීනු කියන්නේ කාලෙකට පස්සේ මට ලැබුණු හරිම ලස්සන පිටපතක්.
අසේකාගේ සහ රුසිරුගේ ප්‍රේම කතාවෙන් මීනු අවසන් වේවි ද?
අසේකා පළමු විවාහයේ ප්‍රශ්න රාශියකට මූණ දීලා දරුවත් එක්ක තනිවෙලා ඉන්න මොහොතක තමයි රුසිරුගෙන් ප්‍රතිකාර ගන්න ඇවිත් ඔවුන් දැන හඳුනා ගන්නේ. ඒ ප්‍රේම කතාව ගැන කියන්න ගියොත් ප්‍රේක්ෂකයා තුළ තියෙන කුතුහලය නැති වෙනවා. කතාවේ ඉස්සරහට තව ලස්සනයි. මීනු එක්ක අවසානය දක්වා රැඳිලා ඉන්න කියලා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.
ඔබ කොහොම ද මීනු එක්ක සම්බන්ධ වෙන්නේ ඒ ගැනත් කියමු.
මීනු අධ්‍යක්ෂක ඉරේෂ් ලොකුබණ්ඩාර මහතාගේ විශේෂ ආරාධනයක් මත තමයි ටෙලි නාට්‍යයට මම දායක වෙන්නේ. මීනු හොඳ ලස්සන පිටපතක් කියලා මට දැනුන නිසා වැඩේ බාර ගත්තා. එහි නිෂ්පාදකතුමාත් මේ වෙලාවේ මතක් කරනවා.
අධ්‍යක්ෂණය පැත්තෙන් මොනව ද අලුත් වැඩ ?
මේ දවස්වල කරගෙන යන මගේ අලුත්ම අධ්‍යක්ෂණය තමයි ‘‘භූමි’’ ටෙලි නාට්‍යය. එහි මූලික වැඩ ටික කරගෙන යනවා.
නළුවාට වඩා අධ්යක්ෂවරයෙක් විදිහට ඔබ සාර්ථකයි කියලා හිතනව ද?
ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් වෙන්න මට ලොකු හීනයක් තිබුණා. ඒ තැනට එක පාරටම යන්න බැරි නිසා තමයි මම මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට කලාවට පිවිසුණේ. නළුවෙක් විදිහට ඉඳගෙන මම අධ්‍යක්ෂණය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් එක්ක තරුණ අධ්යක්ෂවරයකු ලෙස ලොකු කාලයක් ගත නොවී අධ්යක්ෂණයට පිවිසෙන්න මට අවස්ථාව ලැබුණා. මේ වෙනකොට නිර්මාණ පහක් මම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ අතර ‘‘වලවෙට්ටුවා’’, ‘‘පානාමංකඩ’’ ටෙලි නාට්‍ය දෙකම ඉතාම ඉහළින් ප්‍රේක්ෂකයෝ වැළඳ ගත්තා. මම හිතනවා නළුවාට වඩා අධ්‍යක්ෂණය පැත්තෙන් යම් සාර්ථකත්වයක් ලබා ගෙන තියෙනවා කියලා. මම කරපු නිර්මාණ තුළින් වැඩිපුරම තෘප්තිමත් ‘‘පානාමංකඩ’’ ටෙලි නාට්‍යය අධ්යක්ෂණයට.
ඔබේ නිර්මාණවල රනිල් කුලසිංහ කියන නළුවාට අවස්ථාවක් දෙන්නේ නැත්තේ ඇයි?
මේ තාක් මම අධ්‍යක්ෂණය කරපු නාට්‍යවල මම රඟපාලා නැහැ. මම අධ්‍යක්ෂණය පටන් ගද්දීම දාගන්න වාරණයක් තමයි මගේ නිර්මාණවල රංගනයෙන් දායක වෙන්නේ නැහැ කියන එක. අධ්‍යක්ෂණය කියන්නේ ලොකු වගකීමක්. කරන දේ අවංකව හරියට කරන්න නම් මම නළුවා කියන තැනින් අයින් වෙන්න ඕන. ඒ නිසා මම රංගනය සහ අධ්‍යක්ෂණය කියන දෙක එකට පටලවාගන්න කැමැති නැහැ.
සිනමා අධ්යක්ෂණයට එන්න තාම ඔබ සුදුසුකම් සපුරලා නැද්ද?
මේ හැම දෙයක්ම එකතු කරගෙන යන්නේ ඒ හීනයට තමයි. මම තාම අලුත් අධ්යක්ෂවරයෙක්. තව ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉගෙන ගෙන සිනමා අධ්යක්ෂණයට එන්න බලාගෙන ඉන්නවා. මගේ කලා ජීවිතේ ලොකුම හීනය තමයි චිත්‍රපටි අධ්යක්ෂවරයෙක් වෙන එක. දවසක් ඒවි ඒ හීනෙත් සැබෑ වෙන.
ඉඳලා ඉඳලා රඟපානකොට කොහොම ද ප්‍රතිචාර?
අම්මෝ මීනුගෙන් පස්සේ දැන් රඟපාන්න එන්න කියලා ගොඩක් ආරාධනා එනවා. හැම නිර්මාණයකටම දායක වෙන්න බැරි වේවි හොඳ පිටපතක් ලැබුණොත් කරනවා. වැඩි කාලයක් කැප කරන්නේ මම අධ්යක්ෂණයට තමයි.
කොහොමද ඉතින් තනිකඩ ජීවිතේ?
තනිකඩ ජීවිතේ හරිම පහසුයි. පෞද්ගලික ජීවිතේ සහ කලා ජීවිතේ ගත්තම ඇතිවීම්, නැති වීම් කියන දේවල් සිද්ධ වෙලා තියෙන්නේ එකක් දෙකක් නෙමෙයි. මගේ ජීවිතේ වටිනාම කෙනා මගේ අම්මා නැති වෙලා හරියට අවුරුද්දයි. අම්මාගේ වියෝවත් එක්ක මගේ මුළු ජීවිතේම කඩා වැටුණා. අම්මා නැති වුණ තැන ඉඳන් හිතද්දී මගේ ජීවිතේ වෙන ඕනම දෙයක් නැතිවීම් මට දරාගන්න පුළුවන්.
නැවත ජීවිතේ වෙනසක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ගොඩක් දුර ඉදිරියේ දී ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ හදිසි තීරණ නම් ගන්නේ නැහැ. විවාහයේ දී මම එක තැනක දී අසාර්ථක වුණා. ඒ ගැන හැරිලා නැවත හිතන්නවත්, කලකිරීමක්වත් මට නැහැ. හැම දේම කාලය විසින් විසඳාවි කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ මගේ එකම අරමුණ අධ්‍යක්ෂණය පැත්තෙන් හොඳ නිර්මාණ කරන්න වගේම ඒ පිළිබඳව විදේශ රටකට ගිහින් හැදෑරීමක් කරන්න.
නදීශා අතුකෝරළ