අම්මි තරම් ලස්සන කෙනෙක් මං කවදාවත් දැකල නෑ - පුතෙක්ගෙන් මවකට ලැබෙන සම්මාන
මවක් සහ පුතෙක් අතර ඇති ප්‍රේමය ගැන කියන්න වචන නැති තරම්. කතාවටත් කියනවනෙ අම්මා කෙනෙක් වැඩියෙන්ම ආදරේ පුතාලට කියලත්. පුතාලත් එහෙම තමයි. මවට තමයි වැඩියෙන්ම සමීප. අපි මේ කතාව කිව්වෙ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වාගේ මුහුණු පොතේ තිබුණු ආදරණීය සටහනක් නිසයි. මේ ඇයගේ පුතුගේ සිතුවිලි.
සටහනත් එක්කම අම්මයි පුතයි පහුගිය දවස්වල යෙදී උන්නු සංචාරයේ මතක සටහන් කිහිපයකුත් මේ විදියට අරන් එන්න අපි හිතුවා. "මගේ ආදරණීය අම්මි.
ඔයා එක්ක ලෝකෙ ගොඩක් රටවලට යනකොට මම ගොඩක් ලස්සන අය දැකල තියනව. ඒත් මගේ අම්මි තරම් ලස්සන කෙනෙක් මං කවදාවත් දැකල නෑ. අම්මි එක්ක ඉන්නකොට මම කාටවත් බය නෑ. අම්මි තරම් මට ආදරය කරන කෙනෙක් තවත් නෑ. මගේ අම්මි මේ ලෝකෙ තියෙන සුවඳම මලටත් වඩා මට සුවඳයි. මං අම්මිට ගොඩක් ආදරෙයි
මීට - පුතුකි "