අභිෂේකාගේ නිස්සාර ගීතය පිටුපස තිබූ අදහාගන්නත් බැරි කතාව මෙන්න
"නිස්සාර" "මතක" වැනි වෙනස්ම ගීත වලින් රසික හදවත් ආමන්ත්‍රණය කළ ඈ නමින් අභිෂේකා විමලවීර. රසික රසිකාවින් බේදයක් නැතිවම මේ සුන්දර කටහඬට වගේම ඈටත්, වගේම ඇගේ ගීතවලටත් අප්‍රමාණව ආදරය කරනවා. පසුගිය දවසක එක්තරා වැඩසහටනකදී අභී, ඇගේ "නිස්සාර" ගීතය පිටුපස තිබූ සත්‍ය කතාව මෙසේ හෙළිදරව් කළා.
"ආදරය කියන්නෙ පපුව හීරෙන එක.." මම ගීතය අවසන් කරන්නෙ ඉතාම බොළඳ ප්‍රකාශයකින්. "නිස්සාර" මගේ පෞද්ගලික අත්දැකීමක්.. මම 2015 වගේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මගේ හොඳම යාලුවා සම්බන්ධයක් පටන් ගන්නවා, තමන්ට වඩා අවුරුදු 20ක් විතර වැඩිමහල්, විවාහක දරුවෝ ඉන්න පිරිමි කෙනක් එක්ක.. මේක ඒ කාලේ වගේ මේ කාලෙත් ලොකු වැරැද්දක්නේ.."
"මම පවා ඇයට කිව්වම ඇය කිව්වා, ඇයි අභිෂේකා ආදරේ කරද්දි ජවසම්පන්න, උගත් සල්ලි තියෙන මනුස්සයෙක් ම වෙන්න ඔ්නිද ? ඇයි මෙයාට ආදරේ වෙන්න බැරිද? ඒ මාර ආදරේ මමත් දැක්කා. ඇය ඇයට හිමි හැමදේම නැතිකරගත්තා. තරුණියකට තියෙන්න පුළුවන් වටිනම දේ.. දවසක් කොපි ෂොප් එකක ඉන්නකොට ඇය දකිනවා, අර පුද්ගලයා බිරිඳත් එක්ක බොහෝම සතුටින් ඉන්නවා, කියලා නම් තිබ්බේ ඇඟෙවත් ගෑවෙන් නෑ කියලනේ.. මම ඇහුවා දුක හිතුන් නැද්ද කියලා. නෑ කිව්වා, මම ආදරේ කළේ එයාට නෙවෙයි.. වෙන මනුස්සයෙක් එතැන හිටියා... මම එදා ලිව්වේ, හැම රෑම ඈ ගාව ඔබ නිදනවා.. ඔබ නැතුම ඔය හිතම මම ඉඹිනවා.... නිස්සාර ලියවුණේ එහෙමයි..."