අභාවප්‍රාප්ත සම්මානනීය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් නමින් මාවතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් ඔහුගේ නමින් රක්වාන ප්‍රදේශයේ මාවතක් නම් කිරීමට තීරනය කර තිබෙනවා. 

මේ සඳහා සුදුසු මාවතක් තෝරාගෙන සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා අනුමැතිය ලබාගෙන ඉක්මණින් එය ඉටු කරන බව ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත ගුණතිකල පවසයි.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී රංගන ශිල්පි දර්ශන්ගේ අභාවය ගැන ශෝක යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.