අභියෝග මැද අභිමානයක් කැන්දමින් - ජාත්‍යන්තරය දිනූ, ලාංකීය ලේඛිකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමන්දා ජයතිස්ස කියන්නෙ ලාංකීය ලේඛිකාවක්. ඇය අප රටට කීර්තියක් අත්කර දෙමින් ජාත්‍යන්තර සම්මානයක් දිනාගෙන තිබෙනවා. ඒ ඇය විසින් රචනා කරන ලද ‘My Sweet Girl’ නම් කෘතිය වෙනුවෙන්.  

නිව්යෝක්වල පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේදී හොඳම පළමු නවකතාවට ( ‘Best First Novel’ ) හිමි සම්මානයයි එලෙස ඇය විසින් දිනාගෙන ඇත්තේ.
 
“මගේ සුන්දර රට ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දුෂ්කර කාලයක් ගත කරමින් සිටින අතර ඔබ එතැනින් පොතක් තේරීම මට ලෝකයක් ලැබුණා හා සමානයි ” යනුවෙන් ඇය සම්මානය ලබාගත් අවස්ථාවේ අදහස් දක්වා තිබෙනවා.