අප්පච්චි දවසින් දවස ගොඩනැගෙනවා ඒත් බොහොම හෙමින්, අනිවාර්යෙන් එයා ඉක්මනට සුව වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ පහුගිය දවසක වුණු හදිසි අනතුරක් හේතුවෙන්.

ඉතාමත් බරපතල ලෙස රෝගාතුරව රෝහල්ගත කෙරුණු ඔහුගේ තත්වය පිළිබඳව දැනගන්න ඔහුට ආදරය කරන කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්. ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..

අනතුරට පසුව සැත්කමකට පවා ඔහුව බඳුන් කරනු ලැබුවා. ඔහුගේ බෙල්ල, කශේරුකාව ආශ්‍රිතව ආබාධයන්ට ලක්ව තිබෙන බවයි වාර්තා වූයේ. කෙසේවෙතත්, සැත්කමට අනතුරුව ඔහු සිහිය ලද බවයි ආරංචි වූයේ.

ඊයේ හිරු කොපි චැට් වැඩසටහන අතරතුරදී ඔහුගේ බාල පුතු සජිත ඇන්තනී තමන්ගේ අප්පච්චිගේ මේ වනවිට තත්ත්වය මෙලෙස කියා සිටියා..

"තාත්තගේ හදිසි අනතුර වෙලා දැන් මාස කීපයක් ගත වෙනවා. තාත්තා තාමත් ජෙනරල් හොස්පිටල් එකේ අයිසීයූ එකේ ඉන්නේ. ඒ දොස්තර මහත්තුරු තාත්තව ආදරෙන් බලාගන්නවා. දවසින් දවස ගොඩනැඟෙනවා නමුත් හෙමින්. මම හිතන්නේ මේ වෙලාවේ අප්පච්චිට ආදරේ කරන අවංක හදවත්වලින් කරන ප්‍රාර්ථනාවල් තමයි හුඟක් වැදගත් වෙන්නේ. වෛද්‍ය විද්‍යාවට එහා ගිය ශක්තියක් මම විශ්වාස කරනවා ඒ ප්‍රාර්ථනාවලට තියෙනවා කියලා. මේ වෙනකොටත් අප්පච්චි වෙනුවෙන් රටපුරා බෝධි පුජා අපි දැනුවත්ව නොදැනුවත්ව කෙරෙනවා. අනිවාර්‍යයෙන්ම එයා ඉක්මනින්ම සුව වේවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා."