අපිට වඩා එයාලා තමයි නළුවෝ - සුරාජ් දේශපාලඥයන් ගැන කට අරී
ලංකාවේ මේ වනවිට ඇති වී තිබෙන දේශපාලනික සහ ආර්ථික තත්ත්වය නිසා රටේ බොහෝ පුරවැසියන් වීදි බැස අරගලවල නිරත වනවා. ඒ අතරට බොහෝමයක් කලාකරුවන්ද එකතු වී සිටිනවා. මේ වනවිට රටේ පාලනය පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයින් පිළිබඳවද කලාකරුවන් සිටින්නේද දැඩි අප්රසාදයකින්. ජනප්රිය රංගන ශිල්පී සුරාජ් මාපා පසුගිය දා හරි ටී.වී යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් දේශපාලඥයින් පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය අදහස මේ විදිහට පවසා තිබුණා.
“ඡන්දේ දුන්නද නැද්ද කියන එක නෙවෙයි ප්රශ්නේ. ඇත්තටම සමහරු දන්නෙ නැතුව ඡන්දේ දෙන්න ඇති. බලාපොරොත්තු ඇතුව. යුද්දේ ඉවර කරපු ජනාධිපතිවරයෙක් හිටියේ. ඇත්තටම අපි ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන හිටියා. මෙතනින් පස්සෙවත් මේක වෙනස් වෙයි කියලා හිතුවා. නමුත් මම දොස් කියන්නේ නැහැ ප්රධානම තැනට. ඒ වටපිටාවේ ඉන්න හැමෝම මේකට වගකියන්න ඕනේ. අපි ඉස්සර කාලේ දේශපාලඥයන්ට රෙස්පෙක්ට් කළානේ. අපිට වීරායෝ හිටියා. මෙයා හොඳයි කියලා හිතාගෙන එයාගේ කතාන්දර අහන්න පටන් ගත්තා. නමුත් අද අපිට එහෙම කියන්න කෙනෙක් නැහැ. නිදහසෙන් පස්සේ ගත්තොත් පාර්ලිමේන්තුවේ වීරයෝ හිටියා. එදා පාර්ලිමේන්තුවේ හිටියේ ජාතික වීරයෝ. අද ජාතික වීරයෙක් කියලා ගන්න පුළුවන්ද පහුගිය කාලේ හිටපු එක දේශපාලඥයෙක්ව. මිනිස්සුන්ට මොනවා හරි දෙයක් කරලා අන්දන්න එයාලාට පුළුවන්. මම හිතන්නේ නළුවෝ තමයි ඒගොල්ලෝ. අපිට වඩා. ඒ රඟපෑම අපිට තේරෙනවා. ඒ නිසා තමයි අපි ගොඩක් දේවල්වලින් අයින් වෙලා ඉන්නේ. මට හිතෙන්නේ මේ මොහොතේ ඡන්දෙ දුන්නද නැද්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. හෙට දවසයි. අතීතයේ වැරදි වෙන්න ඇති. හෙට දවස ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. විශේෂයෙන් අපේ ඊළඟ පරම්පරාව ගැන. අපිට ඕනේ රටකට යන්න පුළුවන්. ඒත් එහෙම ගිහිල්ලා ඉන්න බැහැ. මම මේ වගේ කතා කරන්නේ පලවෙනි පාරට. මගේ දේශපාලනය වෙනස්.”
සම්පූර්ණ වැඩසටහන පහතින්..