අපේ බලාපොරොත්තුව ඈතක නෙමෙයි, ළඟයි - ප්‍රියන්ත සෙනවිරත්න
ගාලු මුවදොර පිටියේ පැවතෙන අරගලයේ සිටින ජනතාවට සහය ලබාදෙමින් ප්‍රකට නළු ප්‍රියන්ත සෙනවිරත්න මහතා එහි රැස්ව සිටි පිරිස අමතමින් ඔහුගේ අදහස් මෙසේ පළ කර සිටියේය.
"මේ අරගලය සර්ව සාධාරණයි. ඒ වෙනුවෙන් සමස්ථ කලාකරුවන් හැටියට අපි ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් සමස්ත ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.. මේ වේලාවේ මට මතක් වෙනවා විශාරද ගුණදාස කපුගේ මහත්මයා, ඒ වගේම අපේ ප්‍රවීණ නාට්‍යෙව්දී ලුෂන් බුලත්සිංහල මහත්මයා.1971 න් පසුව ඇතිවෙච්ච මේ දේශපාලන ධාරාවට අලුත් නාට්‍යක් එකතු කලා රතු හැට්ටකාරී කියලා. ඒ නාට්‍යයේ යස ඉසුරු කියන ගීතයෙන් කියැවෙනවා අපේ බලාපොරොත්තුව ඈතක නෙමෙයි.. ළඟයි.. ජයග්‍රාහණය කල හැකියි.."
එසේ ඔහු පවසමින් එම ගීතය එතැන රැස්ව සිටි පිරිස සමඟින් ගයනා කළේය.