අපි කලබල වුණා වැඩියි, පොඩි පොඩි රංඩු ගියාට හොඳ මහත්තයෙක් ඉන්නවා මට
පියුමි හංසමාලි කියන්නෙ සෝශල් මීඩියා ඇතුළේ ඉන්න දැවැන්තම චරිතයක්. ඒ නිසාම පියුමි ගැන පුංචි දෙයක් වුණත් බොහෝම ඉක්මණින් මේක ඇතුළේ වයරල් වෙනවා. පසුගිය දවස්වල ඇය ගැන වැඩි දෙනෙක් කතා බහ කළේ ඇගේ ප්‍රේම සම්බන්ධතාවය "බිඳි ගිය" නිසාවෙනු යි. කොහොම වුණත්, මේ වෙද්දි ඒ ප්‍රශ්නය පියුමි නිරාකරණය කරගෙන. ඒ ගැන ඇය යූටියුබ් නාලිකාවකට මේ විදිහට කියලා තිබුණා.
"රටේ මිනිස්සු ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අපේ ප්‍රශ්නයක්. නමුත්.. අපි කලබල වුණා වැඩියි.. අපි ඉක්මණට සෝශල් මීඩියා දැම්මා. හස්බන් ස්ටෝරි දාන එක, ඒවා සාමාන්‍යය යි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ පියුමි හංසමාලිට ෆෑන්ස්ලා වැඩියි. එතකොට ඒක ටක්ගාලා යනවා. මහත්තයා ඒක දාලා පැයක් නිදාගෙන නැඟිටිනකොට සෝශල් මීඩියා කවර් කරලා අපේ ගොසිප් එක. රටේ මිනිස්සු හැමදාම අපි ගැන ෆලෝ කරලා තියෙනවා. මට හිනාවෙන්න ගොඩක් අය බලන් ඉන්නවා. මගේ පොඩි දෙයක්ද වෙන්නෙ මඩ ගහනවා. මේක කාටවත් නවත්තන්න එපා. මට හිනාවෙන අයට මම කියන්නෙ, මම හොඳ තැනක ඉන්නවා. මට හොඳ පුතෙක් ඉන්නවා. හිනාවෙන අය හැමදාම හිනාවෙවි ම ඉන්න.. පොඩි පොඩි රංඩු ගියාට හොඳ මහත්තයෙකුත් ඉන්නවා මට... එයාට මම ඇත්තටම ආදරෙයි !!"
ඒ වගේම පියුමි ඇගේ පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් දිළිඳු පවුලකට නිවසක් හදා දෙන්නත් තීරණය කරලා. ගොඩක් දෙනෙක් ඇගේ මේ උතුම් ක්‍රියාව අගය කරමින් කමෙන්ට් එකතු කරලා තිබුණා.